24/07/2022
ගොවිතැන එපා කරවන පිටි මකුණා මර්ධනය කරන ස්වාභාවික පිටිමකුණු නාශකය
ශ්‍රී ලංකාව පුරාම අදවන විට වගා කටයුතු කරන ගොවිජනතාවට මෙන්ම සුලු ගෙවතු වගාකටයුතු කරන සියලු දෙනාටමද,පිටමකුණාගේ හානිය හිසරදයක් වී ඇත. පිටිමකුණාගෙන් වන හානිය නිසා ගොවිතැන් කටයුතු වලින් ඉවත්වීමට තරම් පිටිමකුණා අද වන විට ප්‍රබල වී සිටී.
ගෙවත්තක වගා කරන පැපොල්, පේර, අනෝදා,රඹුටන් කෙසෙල් වගාවන් මෙන්ම ගෙවතු අලංකරණයට සිටුවන ශාක වර්ගද ආක්‍රමණය කරමින් සිටී.
පිටිමකුණා අපගේ වගාවන්ට බෝවීමට ප්‍රධාන හේතුවක් ලෙසට දැකිය හැක්කේ, වෙනත් ප්‍රදේශ වලින් ගෙන එන ශාක කොටස්ය. එමෙන්ම සුලඟ සහ සතුන් මඟින්ද බහුලව ව්‍යාප්ත වේ.පිටිමකුණා පිටකරන පැණිරස අපද්‍රව්‍ය හේතුවෙන් පිටිමකුණාගේ ප්‍රධාන ප්‍රවහාකයා ලෙස කූඹීන් ක්‍රියාකරන අතර එය පිටිමකුණාගේ වර්ධනයට බෙහෙවින් උපකාර වේ.
මර්ධනය
පිටිමකුණා පැමිණි පසු යොදන ප්‍රතිකර්මයන්ට වඩා, පිටිමකුණා පැමිනීමට පෙර වගාවන් නිසි පරිදි පවත්වා ගන යාම ඉතා වැදගත් ලෙස දැකිය හැක. අනවශ්‍ය අතුරිකිලි ඉවත් කර, හොඳින් සූර්යාලෝකය ලැබෙන පරිදි ගස් කප්පාදු කිරීම අත්‍යාවශය වේ.නිරන්තරයෙන් කුහුඹුවන් ශාක පත්‍ර අතර ගැවසෙනවාදැයි අවධානයෙන් සිට ඉවත් කිරීම මඟින් පිටිමකුණා පැමිණීමට පෙර පහසුවෙන් මර්ධනය කර ගත හැක.
පිටිමකුණා සුදු පැහැති ද්‍රාවණය කින් වැසීගන පත්‍රවල යටි පැත්තේ දැකිය හැක. බහුලව ව්‍යාප්ත වී සිටින වගාවක සුදු පැහැති ඉගිලීයන පිටිමකුණන් කීපදෙනෙකු දැකිය හැක.
අප එදිනෙදා පරිභෝජනයට ගන්නා එලවළු පළතුරු වල බහුලව දක්නට ලැබෙන පිටිමකුණා මර්ධනය කිරීමට වස විසෙන් තොර ස්වාභාවික කෘමිනාශකයක් යොදාගැනීම පිලිබඳව අද වන විට බොහෝ දෙනා අවධානය යොමුකර ඇති අතර පහසුවෙන් අප අවටින් සොයා ගත හැකි අමුද්‍රවය භාවිතා කොට පිටිමකුණා මර්ධනය කිරීමට හැකියාවක් ඇත.
ස්වාභාවික පිටිමකුණු නශාකය ලීටර් දෙකක් සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රවය
හොඳින් මේරු, නිරෝගී බුලත් කොළ 10 ක්,
ඉඟුරු ග්‍රැම් 10 ක්,
කෝමාරිකා ජෙල් ග්‍රැම් 10ක්,
සුදු පැහැති සබන් ග්‍රැම් 05 ක් කොටසක්
ජලය ලීටර් 2 ක්
සාදා ගන්නා පියවර
පලමුව කපා ගත් බුලත් කොල, ඉඟුරු, ගම්මිරිස්, කෝමාරිකා,සබන් ද සමග එක් කොට බ්ලෙන්ඩරයක් මඟින් හෝ අඹරුම් ගලක් මඟින් හොඳින් ක්‍රීම් එකක් සේ අඹරා ගත යුතුය. ඉන්පසු සාදා ගත් ක්‍රීම් එකට ජලය ස්වල්පයක් දමා දින 3ක් පමණ වසා තැබිය යුතුය. ඉන්පසු ජලය ලීටර් 2ක් එක් කොට හොදින් මිශ්‍ර කොට සියුම් රෙදි කඩකින් පෙරා ගතයුතුය. මෙම මිශ්‍රනය, දියර ඉසින යන්ත්‍රයක් (ස්ප්‍රේ යන්ත්‍රයක්) මඟින් ඉසිය යුතු අතර පත්‍ර වල යටි පැත්තේ මෙන්ම දළු වල සිට පහලට වන තෙක් හොදින් ඉසිය යුතුය.
මෙම පොහොර යොදන දිනයේ දී පත්‍ර තෙමෙන ලෙස
පොහොර යෙදීමෙන් පසු පිටිමකුණාගේ සුදු පැහැති වර්ණය කහ පැහැ තත්වයට පත්වී දිනකින් පමණ පිටි මකුණා විනාශ වුවත් දින තුනකට වතාවක් බැගින් තුන් වරක් යෙදීම වඩාත් සාර්ථකවේ. ඉන්පසු මාසයකට වතාවක් පමණ මෙම පොහොර භාවිතයෙන් ඔබේ වගාව පිටිමකුණාගෙන් තොර වගාවක් ලෙසට පත්කර ගත හැකිවනවා සේම වසවිසෙන් තොර නිරෝගිමත් ජීවිතයක් පවත්වාගන යාමටද අවස්ථාව උදා වේ.
වැඩි විස්තර - Ceylon Agri Youtube නාලිකාව හරහා නැරඹිය හැක.