WEERA chartered architects

WEERA chartered architects Simplicity creates the uniqueness..

This project involves the renovation and extension of an existing family home in Diulapitiya, transforming it into a con...
22/06/2026

This project involves the renovation and extension of an existing family home in Diulapitiya, transforming it into a contemporary tropical residence. The design enhances natural light, ventilation, and indoor-outdoor living through spacious verandahs, large glazed openings, and thoughtfully landscaped gardens. A refined palette of clean plastered walls, warm timber finishes, and modern architectural elements creates a welcoming and timeless character while preserving the essence of the original home..❤

Designed by Rajika Weerasekara (AIA)SL
Contact: 077 790 5702
© All Rights Reseved.

A contemporary tropical residence designed to create a harmonious balance between modern living, natural light, ventilat...
14/06/2026

A contemporary tropical residence designed to create a harmonious balance between modern living, natural light, ventilation, and functional family spaces.

Spanning 3,000 sq.ft., this residence features open-plan living spaces, abundant natural light, landscaped courtyards, warm timber accents, and passive design strategies that enhance ventilation and everyday well-being. The modern façade combines clean architectural lines with textured materials, creating a distinctive and timeless character.

Designed to meet the evolving needs of a modern family while maintaining a strong connection to nature.. ❤

📍 Malabe, Sri Lanka
📐 Floor Area: 3,000 Sq.ft.

Designed by Archt. Rajika Weerasekara (AIA)SL
Contact : 077 790 5702
© All Rights Reserved.

සිවිල් ඉංජිනේරු දැනුම ජීවිතයට..Civil Engineering Insights, knowledge for Life...(Article series)Article 01භූමිය සහ මහපොළ...
09/06/2026

සිවිල් ඉංජිනේරු දැනුම ජීවිතයට..
Civil Engineering Insights, knowledge for Life...
(Article series)

Article 01
භූමිය සහ මහපොළව - සටහන 12
පස තුළ ජල පීඩනය (Pore Water Pressure)
(සටහන 11 පළවෙනි කමෙන්ට් එකේ)

සියලුම පස් වර්ග තුලින් ජලයට ගමන් කිරීමේ හැකියාව ඇත (permeable). පස් අංශු අතර ඇති හිස් අවකාශ (pores) හරහා ජලය ගලා යාම සිදුවේ.

පස් තුළ අන්තර්ගතව ඇති ජලයේ පීඩනය (pore water pressure) පසෙහි ශක්තිය (strength) සහ දැඩි බව (stiffness) තීරණය කරන ඉතා වැදගත් සාධකයකි. ඒ නිසා ජල පීඩනය ස්ථාවර අවස්ථාවලදීත් (static conditions) ජලය පස් තුළින් ගලා යන අවස්ථාවලදීත් (seepage) ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.

Water Table (ජල මට්ටම)

ජල පීඩනය වායුගෝලීය පීඩනයට (atmospheric pressure) සාපේක්ෂව මනිනු ලැබේ. ජල පීඩනය ශූන්‍ය (0) වන මට්ටම Water Table (WT) හෝ Phreatic Surface ලෙස හැඳින්වේ. Water Table එකට පහළින් සාමාන්‍යයෙන් පස සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇති (saturated) බවට සලකනු ලබයි. නමුත් කුඩා වායු බුබුළු තිබිය හැකි නිසා සංතෘප්ත වීම (saturation) 100% ට ටිකක් අඩු විය හැකිය.

Water Table වෙනස් වීම

Water Table එකේ මට්ටම වෙනස් විය හැක්කේ
කාලගුණික තත්ත්වයන් හේතුවෙන් (වැසි, වියළි කාලගුණය ආදිය) සහ ඉදිකිරීම් කටයුතු හේතුවෙන්ය.

Perched Water Table (ඉහළින් ඇති ස්ථානික ජල මට්ටම)
සමහර ස්ථානවල අඩු permeability ඇති පස් ස්ථරයක් මත ජලය රැඳී සිටිය හැකිය.
මෙය සාමාන්‍ය Water Table එකට වඩා ඉහළින් පවතී. මෙය Perched Water Table ලෙස හැඳින්වේ.

Artesian Conditions (ආටීසියානු තත්ත්වය)
ඉහළ permeability ඇති පස් ස්ථරයක්, අඩු permeability ඇති ස්ථරයකින් ආවරණය වී තිබේ නම් Artesian Condition ඇති විය හැක. එහි ජල පීඩනය තීරණය වන්නේ එහි අසල ඇති Water Table එකෙන් නොව, දුරස්ථ ස්ථානයක ඇති ඉහළ Water Table එකකින් වේ.

Water Table එකට පහලින් ජලය ආකාර දෙකකින් තිබිය හැක:

1. Hydrostatic Water (නිශ්චල ජලය)
එම ජලය ගලා නොයයි. පීඩනය වැඩි වන්නේ Water Table එකේ සිට පහළට යන ගැඹුර අනුවය.

2. Seepage Water (ගලා යන ජලය)
ජලය පස තුළින් ගලා යයි. මෙය Hydraulic Gradient එකක් නිසා සිදු වේ.

✍️ අරවින්ද වීරසේකර (Civil Engineer)

03/06/2026

Construction works commenced. Another exciting project is now underway...❤️

Designed by Archt. Rajika Weerasekara (AIA)SL
Contact: 0777905702
©️ All Rights Reserved

HAPPY VESAK...💛🪷
30/05/2026

HAPPY VESAK...💛🪷

සිවිල් ඉංජිනේරු දැනුම ජීවිතයට..Civil Engineering Insights, knowledge for Life...(Article series)Article 01භූමිය සහ මහපොළ...
28/05/2026

සිවිල් ඉංජිනේරු දැනුම ජීවිතයට..
Civil Engineering Insights, knowledge for Life...
(Article series)

Article 01
භූමිය සහ මහපොළව - සටහන 11
(සටහන 10 පළවෙනි කමෙන්ට් එකේ)

භූමිය තද කිරීමේ (Compaction) උපකරණ

1. Grid rollers (ග්‍රිඩ් රෝලර්)

මෙම රෝලර්වල මතුපිට වානේ දඩු වලින් සෑදූ කොටු ජාලයක් (grid) තිබේ.
Roller එකට අමතර බර අවශ්‍ය නම් එකතු කිරීමට ද හැකියාව ඇත.
වැඩි පීඩනයක් පස් මතට ලබාදෙන නමුත් kneading action (මදින ක්‍රියාව) අවශ්‍ය ලෙස සිදුනොවේ.
බොහෝ coarse soils සඳහා සුදුසුය.

2. Vibratory rollers (කම්පන රෝලර්)

මෙය vibration mechanism (කම්පන යන්ත්‍රයක්) සහ smooth roller සහිත යන්ත්‍රයකි.
බොහෝ පස් වර්ග සඳහා භාවිතා කරනු ලැබේ.
පස ටිකක් තෙත් සහිත වූ විට වඩා හොඳ compaction එකක් ලබාගත හැක.
fines අඩු coarse soils සඳහා ඉතා සුදුසුය.
roller වල බර සහ vibration frequency පසට ගැලපෙන ලෙස තිබිය යුතුය.
roller යන්ත්‍රයේ වේගය අඩු වන තරමට roller passes ප්‍රමාණයද අඩුවෙන් කිරීම යෝග්‍ය වේ.

3. Vibrating plates (කම්පන තහඩු)

මෙය වානේ තහඩුවකට vi****or එකක් සවි කළ උපකරණයකි.
බොහෝ පස් වර්ග සඳහා සුදුසුය.
අතින් පාලනය කළ හැකි යන්ත්‍රයකි.
මෙම උපකරණය සෙමින් පස මත ගමන් කරයි.
කුඩා ප්‍රදේශ compact කිරීමට භාවිතා කරනු ලබයි.

4. Power rammers (පවර් රැමර්)

මෙය සාමාන්‍යයෙන් පෙට්‍රල් මගින් ක්‍රියාකරන කුඩා compaction උපකරණයකි.
අතින් පාලනය කළ හැකි යන්ත්‍රයකි.
ලොකු යන්ත්‍ර යා නොහැකි කුඩා ස්ථාන සඳහා භාවිතා කරනු ලැබේ.
trenches (අගල්) වල පස් පිරවීම් (backfill) compact කිරීමට බහුලව භාවිතා කරයි.
uniformly graded soils සඳහා මෙම යන්ත්‍රය එතරම් සුදුසු නොවේ .

✍️ අරවින්ද වීරසේකර (Civil Engineer)

Draftsman Vacancy..❤Contact : Archt. Rajika Weerasekara (AIA)SL  077 790 5702
28/05/2026

Draftsman Vacancy..❤
Contact : Archt. Rajika Weerasekara (AIA)SL 077 790 5702

A proposed contemporary tropical residence designed for a compact 7-perch land in Boralesgamuwa. Spanning approximately ...
27/05/2026

A proposed contemporary tropical residence designed for a compact 7-perch land in Boralesgamuwa. Spanning approximately 2,500 Sq.Ft, the design maximizes space efficiency while maintaining a bright and airy atmosphere through double-height interiors, large timber framed openings, and strong indoor-outdoor connectivity. The residence combines modern tropical architecture with natural materials, lush greenery, and minimalist detailing to create a warm, elegant, and comfortable living environment within a limited urban footprint...❤

Designed by Archt. Rajika Weerasekara (AIA)SL
Contact: 077 790 5702
© All Rights Reserved.

සිවිල් ඉංජිනේරු දැනුම ජීවිතයට..Civil Engineering Insights, knowledge for Life...(Article series)Article 01භූමිය සහ මහපොළ...
24/05/2026

සිවිල් ඉංජිනේරු දැනුම ජීවිතයට..
Civil Engineering Insights, knowledge for Life...
(Article series)

Article 01
භූමිය සහ මහපොළව - සටහන 10
(සටහන 09 පළවෙනි කමෙන්ට් එකේ)

භූමිය තද කිරීමේ (Compaction) උපකරණ

භූමිය තද කිරීමට භාවිතා කරන උපකරණ වර්ග කිහිපයක් ම තියෙනවා. මේවා විවිධ පස් වර්ග සඳහායි භාවිතා කරන්නේ.

1. Smooth-wheeled rollers (සිනිදු රෝද රෝලර්)

මෙම රෝලර්වල හිස් වානේ බෙර (steel drums) තියෙන්නේ. ඒවාට වතුර හෝ වැලි දමා බර වැඩි කරන්න පුළුවන්.
බොහෝ පස් වර්ග සඳහා සුදුසු වෙනවා.
නමුත් uniform sand සහ silty sand සඳහා සුදුසු වන්නේ නැහැ.
පස මත සිනිදු මතුපිටක් සාදනවා.
වැසි ජලය පහසුවෙන් ගලා යාමට උපකාරී වෙනවා.
මෙහිදි, එක පස් තට්ටුවක් සහ ඊළඟ තට්ටුව අතර බැඳීම අඩුයි.
මේ රෝලර් ඇදගෙන යන (towed) හෝ තමන්ම ධාවනය වන (self-propelled) ආකාරයෙන් තිබෙනවා.

2. Pneumatic-tyred rollers (රබර් ටයර් රෝලර්)

මෙහි රබර් ටයර් භාවිතා කරනවා.
බොහෝ coarse soil සහ fine soils සඳහා සුදුසුයි.
නමුත් එකම ප්‍රමාණයේ අංශු ඇති පස් සඳහා සුදුසු වන්නේ නැහැ.
ඉදිරිපස හා පසුපස රෝද overlap වන ලෙස සකසා තිබෙනවා.
පස සම්පීඩනය කිරීමේදී kneading action (මදින ක්‍රියාවක්)එකක් ලබාදෙනවා.
මතුපිට සිනිදු වන නිසා පස් තට්ටු අතර බැඳීම අඩු වෙන්න පුළුවන්.
හොඳ බැඳීමක් අවශ්‍ය නම් පස මතුපිට rough (scarify) කරන්න ඕනේ.
ටයර් වායු පීඩනය වැඩි කිරීමෙන් compaction වැඩි කළ හැකි වෙනවා.
roller එකට අමතර බර (kentledge) ද එකතු කළ හැකියි.

3. Sheepsfoot rollers (Sheepsfoot රෝලර්)

මෙම රෝලර්වල මතුපිටට පාද වැනි projections තියෙනවා.
ඒවා පසට වැඩි පීඩනයක් කුඩා ප්‍රදේශයකදී ඇති කරනවා.
මුලදී drum එක පසට ස්පර්ශ වන අතර පස තද වන විට drum එක ඉහළට එනවා.
fine soils සඳහා විශේෂයෙන් සුදුසුයි.
fines 20%කට වඩා ඇති coarse soils සඳහාත් භාවිතා කරන්න පුළුවන්.
පස හොඳින් මිශ්‍ර කර homogeneous කරනවා.
තද මැටි කැබලි (clay lumps) කඩා දමනවා.
successive layers අතර ඉතා හොඳ bonding එකක් ලබා දෙනවා.
ජලය රඳවා තබන earthworks සඳහා ඉතා වැදගත් වෙනවා.

Tamping rollers

Sheepsfoot rollers වලට සමානයි.
නමුත් පාදවල අග ප්‍රදේශයේ වර්ගඵලය (end area) වැඩියි.
එය වැඩි compaction එකක් ලබාදීමට උපකාරී වෙනවා.

✍️ අරවින්ද වීරසේකර (Civil Engineer)

Address

Chapel Lane
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777905702

Website

Alerts

Be the first to know and let us send you an email when WEERA chartered architects posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WEERA chartered architects:

Share