Vasthu Architecture

Vasthu Architecture ✍️මේ පිටුව ___වාස්තු ශාස්ත්‍රය පිළිගන්නන් සඳහා පමණි...!

රැකියාවේ දියුණුව ඇතිවීමට බලපාන Vasthu Tips...රැකියාවේ දියුණුව, ආදායම් වර්ධනය සහ වෘත්තීය ස්ථාවරත්වය සඳහා වාස්තු ශාස්ත්‍රය...
10/06/2026

රැකියාවේ දියුණුව ඇතිවීමට බලපාන Vasthu Tips...

රැකියාවේ දියුණුව, ආදායම් වර්ධනය සහ වෘත්තීය ස්ථාවරත්වය සඳහා වාස්තු ශාස්ත්‍රයේ සඳහන් කරන උපදෙස් කිහිපයක් මෙන්න,

🏠️නිවසේ උතුරු දිශාව සහ ඊසාන (උතුරු-නැගෙනහිර) කොටස පිරිසිදුව, අවහිරතා රහිතව තබාගන්න. වාස්තු අනුව මෙය ධන හා අවස්ථා ගලා ඒමට උපකාරී වේ.

🏠️රැකියාවට අදාළ වැඩ කරන මේසය භාවිතා කරන විට උතුරට හෝ නැගෙනහිරට මුහුණලා වාඩිවීම සුබ ලෙස සැලකේ.

🏠️වැඩ කරන ස්ථානය පිටුපස ශක්තිමත් බිත්තියක් තිබීම හොඳය. පිටුපස දොරක් හෝ විශාල ජනේලයක් තිබීම අස්ථාවර බවක් ඇති කරන බව කියයි.

🏠️මේසය මත අනවශ්‍ය ලිපිගොනු, කැඩුණු භාණ්ඩ සහ අපිරිසිදුකම ඉවත් කරන්න. පිරිසිදු පරිසරයක් අවධානය හා නව අවස්ථා සඳහා උපකාරී වේ.

🏠️නිවසේ හෝ කාර්යාලයේ උතුරු දිශාවේ ජල අංගයක් (ජලය අඩංගු බඳුනක් හෝ කුඩා ෆවුන්ටනයක්) තැබීම ධන වාසනාවට හිතකර යැයි විශ්වාස කෙරේ.

🏠️කැඩුණු ඔරලෝසු, විදුලි උපකරණ සහ භාවිත නොකරන දේවල් නිවසේ ගොඩගසා නොතබන්න. වාස්තු අනුව ඒවා ශක්ති ප්‍රවාහය අවහිර කරයි.

🏠️ප්‍රධාන දොරටුව හොඳ ආලෝකයකින් සහ පිරිසිදුකමින් තබාගන්න. නිවසට ඇතුළු වන ශක්තිය එමඟින් වැඩි වන බව සඳහන් වේ.

🏠️රැකියාව හා සාර්ථකත්වය නිරූපණය කරන සහතිකපත්, සම්මාන හෝ ඉලක්ක සම්බන්ධ රූප දකුණු හෝ බටහිර බිත්තියේ ප්‍රදර්ශනය කළ හැක.

🏠️ඊසාන දිශාවේ භාවනා කිරීම, පහන් දැල්වීම හෝ ආගමික කටයුතු කිරීම මානසික පැහැදිලි බව හා තීරණ ගැනීමේ හැකියාව වැඩි කරන බව විශ්වාස කෙරේ.

මතක තබා ගත යුතු කරුණක් නම්, වාස්තු උපදෙස් සංස්කෘතික හා සාම්ප්‍රදායික විශ්වාස මත පදනම් වන අතර, රැකියාවේ දියුණුව සඳහා දක්ෂතාව, අධ්‍යාපනය, කැපවීම සහ හොඳ සම්බන්ධතාද ඉතා වැදගත් සාධක වේ.

Vasthu Architecture
0742553466 (Whatsapp only)

නිවසේ කලඑළිය වැඩි කරන ෆෙOෂුයි වාස්තු ටිප්ස් .. ✨️🏠️නිවසේ කලඑළිය, සතුට සහ ධනාත්මක ශක්තිය වැඩි කිරීමට Feng Shui සහ වාස්තු ...
09/06/2026

නිවසේ කලඑළිය වැඩි කරන ෆෙOෂුයි වාස්තු ටිප්ස් .. ✨️🏠️

නිවසේ කලඑළිය, සතුට සහ ධනාත්මක ශක්තිය වැඩි කිරීමට Feng Shui සහ වාස්තු සංකල්ප අනුව අනුගමනය කළ හැකි සරල ටිප්ස් කිහිපයක් මෙන්න.....

🌿 1. ප්‍රධාන දොර පිරිසිදුව තබන්න

නිවසට ශක්තිය ඇතුල් වන්නේ ප්‍රධාන දොරෙන් කියා සැලකේ.

දොර අසල කැඩී බිඳී ගිය භාණ්ඩ ද, පැරණි භාණ්ඩ හෝ කුණු නොතබන්න.

☀️ 2. ස්වභාවික ආලෝකය වැඩි කරන්න

ජනේල විවෘත කර හිරු එළිය ඇතුල් වීමට ඉඩ දෙන්න.

අඳුරු කාමරවල දීප්තිමත් විදුලි ආලෝක භාවිතා කරන්න.

🌱 3. හරිත පැළ තබන්න

Money Plant, Lucky Bamboo වැනි පැළ ධනය හා වර්ධනය සංකේතවත් කරයි.

වියළී ගිය පැළ ඉවත් කරන්න.

🧹 4. අනවශ්‍ය දේ ඉවත් කරන්න

භාවිතා නොකරන ඇඳුම්, කැඩුණු භාණ්ඩ සහ ගොඩගැසුණු දේවල් ශක්තිය අවහිර කරන බව විශ්වාස කෙරේ.

💧 5. ජල මූලාශ්‍ර නිවැරදිව තබන්න

කුඩා ජල භාජනයක් හෝ ජල දර්ශනයක් නිවසේ උතුරු හෝ නැගෙනහිර පැත්තට තැබීම සුබ ලෙස සැලකේ.

🪞 6. කණ්ණාඩි නිවැරදිව භාවිතා කරන්න

කණ්ණාඩි ප්‍රධාන දොරට මුහුණලා නොතබන්න.

ආලෝකය සහ ඉඩකඩ වැඩි ලෙස පෙනෙන ස්ථානවල තබන්න.

🛏️ 7. නිදන කාමරය සන්සුන්ව තබන්න

ඇඳ ඉදිරියෙන් විශාල කණ්ණාඩි නොතබන්න.

නිල්, ක්‍රීම් හෝ ලා පාට භාවිතා කරන්න.

🕯️ 8. සුවඳ සහ පහන්

සුවඳ දුම්, අත්‍යවශ්‍ය තෙල් හෝ පහන් දැල්වීමෙන් නිවසේ පරිසරය ප්‍රසන්න වේ.

🌸 9. නැවුම් මල් තබන්න

නැවුම් මල් සතුට සහ ප්‍රබෝධය ගෙන එන බව Feng Shui හි සඳහන් වේ.

🙏 10. ධනාත්මක වචන සහ සිතුවිලි

නිවස තුළ රණ්ඩු, අසහනය සහ නිතරම ඍණාත්මක කතා අඩු කිරීමත් "හොඳ ශක්තිය" පවත්වා ගැනීමේ වැදගත් කොටසක් ලෙස සැලකේ.

Vasthu Architecture
0742553466 (Whatsapp only)

මාතලේ අලු විහාරය නම් වූ උතුම් පුදබිමේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ජෝතිර්වේද සංගමයේ සත්කාරක වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ...
09/06/2026

මාතලේ අලු විහාරය නම් වූ උතුම් පුදබිමේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ජෝතිර්වේද සංගමයේ සත්කාරක වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔබත් ඔබගේ වටිනා සේවය සමාජය උදෙසා දායක කරන්න කැමති නම් ඒ පිළිබඳව 0742553466 Whatsapp අ0කයට දැනුම් දෙන්න.

පහත සඳහන් සේවයක හෝ වෘතියක ඔබත් නියැලෙන කෙනෙක් නම් .... ඔබටත් පුළුවන් මේ මාතලේ ඓතිහාසික අලු විහාරය පුදබිමට පැමිණ ඔබගේ වටිනා සේවය ලබාදෙන්නට 🙏

✨️ ජෝතිර්වේදීන්
✨️ වාස්තු විද්‍යාඥයන්
✨️ මනෝ උපදේශකවරුන්
✨️ ආයුර්වේද වෛද්‍යවරුන්

සභාපති -
අනුෂි‍ ගුණතිලක
ජාත්‍යන්තර ජෝතිර්වේද සංගමය

අධ්‍යාත්මික හීලින් ක්‍රමයක් වූ රේඛීය ශක්තිය තුළින් ඔබට කායික සහ මානසිකව බලපානු ලබන ඍණ ශක්තියෙන් සහ  අවහිරතාවයන් ඉවත් කරග...
06/06/2026

අධ්‍යාත්මික හීලින් ක්‍රමයක් වූ රේඛීය ශක්තිය තුළින් ඔබට කායික සහ මානසිකව බලපානු ලබන ඍණ ශක්තියෙන් සහ අවහිරතාවයන් ඉවත් කරගන්න... 🌿🧘‍

ශරීරයේ පවතින රෝග පීඩාවන් වලින් සුවය ලැබීමට නම් පළමුව ශරීර අභ්‍යන්තරයේ පවතින ලේ ධාතුව ඇතුළු සියලු ධාතු කොටස්වල පවතින අවහිරතාවයන් දුරු විය යුතුයි. ආධ්‍යාත්මික රේඛීය සුව සහනය ඔබ ලබා ගැනීම තුළින් ඔබගේ ශරීරයේ සියලුම ධාතු කොටස් පිරිසිදුභාවයට පත්වන අතර පවතින්නා වූ නොයෙක් බ්ලොක්ස් ඉවත් වී, ඍණ ශක්තීන් සිරුරෙන් බැහැරව යයි. මේ තුළින් ඔබගේ සිරුරට ඉතා හොඳි ප්‍රතිශක්තීකරණයක් සහ ඔක්සිජන් අවශෝෂණයක් ලැබීමට හේතු වෙයි. රෝගයන් සඳහා ඔබ ගන්නා වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් ඔබගේ සිරුරට අවශෝෂණය වීමට මේ හීලින් ශක්ති රේඛීය බලය ඉවහල් වනු ඇත.
තවත් සමහර පිරිසක් යම් යම් රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර නොගන්නවා විය හැකිය. එවන් අයටත් රේඛීය ශක්තිය සිරුරට අවශෝෂණය කර ගැනීම තුළින් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව වුවද ඉතා ඉක්මනින් පහසුවෙන් තමාට බලපාන්නෝ රෝග පීඩාවන් දුරු කර ගත හැකිය.

සැලකිය යුතුයි -
අධ්‍යාත්මික හීලින් රේඛීය ප්‍රතිකාර ක්‍රමය කිසිසේත්ම ලොව පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නොවේ. මේ නිසා රේඛීය සුව ශක්තිය ලබාගන්නා අය වෛද්‍ය ප්‍රතිකාර නතර කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැරීම නම් කිසිසේත්ම අනුමත නොකරමි. . හීලින් ප්‍රතිකාර ක්‍රමයක් වූ රේඛීය තුළින් සිදුකරනු ලබන්නේ ඔබගේ ශරීර අභ්‍යන්තරයේ සියලූම ධාතු කොටස් ,චක්‍ර පිරිසිදු කර අවහිරතා දුරු කිරීමයි.
ඒත් සමගම ඔබට කායික සුව සහනය ලැබීමට පටන් ගනියි. ඔබ ගනු ලබන වෛද්‍ය ප්‍රතිකාර වෙනදාටත් වඩා ඔබගේ සිරුරට හොඳින් අවශෝෂණය වී ඉක්මනින්ම රෝග පීඩා සුව අතට හැරෙයි.

රේඛීය සුව සහනය අවශ්‍ය වන්නේ කායික රෝගීන්ට පමණක්ද....?
නැත...., මානසික වශයෙන් ඔබට බල බල පවත්වන්නා වූ විවිධ ප්‍රශ්න, කරදර, දුක් පීඩා, මානසික රෝග, බාධක, අවහිරතා... සමගින් මනසට බලපාන්නාවූ ඍණ ශක්තින් මුදවා හැරීමටත් මෙම හිලින් රේඛීය ප්‍රතිකාර සුව සහනය ඔබට උපකාරී වනු ඇත.

හීලින් රේඛීය ප්‍රතිකාර ලබන්නේ කොහොමද...?
මෙය ඔබට පැමිණ හෝ නැතිනම් නිවසේ සිටියදීම හෝ පලපුරුදු හීලින් රේඛීය ප්‍රතිකාර වෘත්තියේ නියැලී සිටින මා වෙතින් ලබා ගත හැකිය.

දුර සිට රේඛීය ප්‍රතිකාර ලබා ගැනීමද කිසිදු අවහිරතාවයකින් තොරව සිදුකළ හැකි දෙයකි. මෙහිදී හීලින් ප්‍රතිකාර අවශ්‍ය අයව ස්පර්ශ කිරීමක් අවශ්‍ය නොවන අතර ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා දුර සිට හෙවත් ඩිස්ටන්ස් හීලින් මගින් හීලින් රේඛීය ප්‍රතිකාරය සිදුකරනු ඇත. එහිදී ඔබ ළඟ සිටින බව සිතින් මවාගෙන ඔබේ සිරුරේ පවතින චක්‍ර හත පිරිසිදු කිරීම සමග හීලින් රේඛීය ප්‍රතිකාර ශක්තිය ඔබේ සිරුරට ළඟා කරදෙනු ඇත. . මේ සඳහා ක්‍රිස්ටල් භාවිතය ද සිදු කරයි.

🌿ඔබට නොලැබෙන සුවිශේෂී දීමනාවක්.....
Distance Healing සුව සහන රේඛීය ප්‍රතිකාර දැන් ඔබට නොමිලේ ලබාගන්න පුළුවන්.

ඔබ නොයෙක් රෝග පීඩාවන්වලින් පෙළෙන කෙනෙක් නම්..., එහෙමත් නැතිනම් මානසික පීඩා සමග සිත් තැවුලෙන් ඉන්න කෙනෙක් නම්, මානසික රෝගවලින් පීඩා විඳී නම්, විවාහය ප්‍රමාද වීම, රැකියා බාධක, අධ්‍යාපනය බාධක වලින් පෙළෙයි නම් ... ඔබටත් පුළුවන් මේ රේඛීය සුව සහන ප්‍රතිකාර ලබාගන්න.

නොමිලේ ලබාදෙන හීලින් රේඛීය ප්‍රතිකාර වැඩසටහන සඳහා ලියාපදිංචි වන්න.!
0742553466 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. ඔබගේ, නම සහ වයස සඳහන් කර.. 🌿🍀

පළමු සැසියේ සිට ප්‍රතිඵල සහතික කෙරේ👌

අනුෂි ගුණතිලක
(රේඛීය ග්‍රෑන්ඩ් මාස්ටර්ස් සහතික (India)

23/04/2026

මුල සිටන් උගන්වන වාස්තු ශාස්ත්‍ර පාඨමාලාව...
🏠️🏡 මූලික දැනීමක් අවශ්‍ය නැත,

🗓️ ආරම්භය :-
මැයි මස 01 වෙනිදා (සිකුරාදා දින)

⏰ වේලාව :- රාත්‍රී 7.30

📌️ කාලය :- දින 08

📁 පාඨමාලා ගාස්තුව :- රුපියල් 12000/=

විෂය නිර්දේශය 👇

🏠️ වාස්තු විද්‍යාව යනු කුමක්ද?
🏠️ වස්තු විද්‍යාවේ මූලධර්ම
🏠️ වාස්තු ශිල්පයේ මූලික යෙදුම්
🏠️ ඉඩම් හඳුනා ගැනීම
🏠️ ඉඩම් සම්බන්ධ සුභ අසුභ
🏠️ ඉඩමේ පාද බෙදීම
🏠️ වාස්තු විද්‍යාවේ මිනුම් ක්‍රම
🏠️ වඩු රියන
🏠️ වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීමේ
පළමු පියවරේ සිට...
🏠️ සුභ වර්ග පලය ගැනීම
🏠️ ගෘහ වර්ගීකරණය
🏠️ ගෘහ දිශානුකරණය
🏠️ අත්තිවාරමට බලපාන වාස්තු රීති
🏠️ වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම ඇඳීම
🏠️ ගිනි කතිරය
🏠️ බ්‍රහ්ම පාදය
🏠️ නිවසේ දොර උළුවහු වර්ග කිරීම
🏠️ දොර උළුවහු සම්බන්ධ වාස්තු කරුණු
🏠️ දිශා ගත කිරීම සඳහා ආය වර්ගය සෙවීම
🏠️ ප්‍රධාන දොර තැබීමේ සුබ පාදය
🏠️ වහලය
🏠️ වාස්තු ඉඟි.
🏠️ වාස්තු. වාස්තු දෝෂ
🏠️ වාස්තු සහ ජෝතිෂය
🏠️ වාස්තු විද්‍යානුකූලව නිවාස පරීක්ෂා කිරීම .... මෙවන් විෂය කොටස් රාශියක් මෙම පාඨමාලාව තුළ ඉගැන්වේ.

මෙහෙයවීම
ආචාර්ය අනූෂි ගුණතිලක

✍️මේ පිටුව ___වාස්තු ශාස්ත්‍රය පිළිගන්නන් සඳහා පමණි...!

100% නොමිලේ ඉගැන්වෙන,හස්ත රේකා සහතික පත් පාඨමාලාව 🗓️ අප්‍රේල් මස 20 වෙනි සඳුදා ⏰ රාත්‍රී 87.30 ට ආරම්භ වේමෙහෙයවීමආචාර්‍ය...
16/04/2026

100% නොමිලේ ඉගැන්වෙන,
හස්ත රේකා සහතික පත් පාඨමාලාව

🗓️ අප්‍රේල් මස 20 වෙනි සඳුදා

⏰ රාත්‍රී 87.30 ට ආරම්භ වේ

මෙහෙයවීම
ආචාර්‍ය අනූෂි ගුණතිලක

මේ සඳහා සහභාගී වීමට ඔබත් කැමති නම් පහත ලින්ක් එකෙන් එයට අදාළ වට්ස්ඇප් සමූහය සමග සම්බන්ධ වෙන්න.!

https://chat.whatsapp.com/FIItC26x3mRG4cRigNai9e?mode=gi_t

10/03/2026

Address

Pannipitiya

Telephone

+94768387844

Website

Alerts

Be the first to know and let us send you an email when Vasthu Architecture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share