21/01/2026
🌞 මේ දවස්වල තියෙන තද අව්වෙන් ඔබේ පැළ ටික බේරගන්නේ කොහොමද? 🌿
මේ දවස්වල පවතින දැඩි හිරු රශ්මියත් එක්ක අපේ ගෙවත්තේ පැළ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. හුඟක් අය අහන දෙයක් තමයි "මේ දවස්වල වතුර දාන්න හොඳම වෙලාව මොකක්ද?" කියන එක.
පැළවල නිරෝගීකම රැකගන්න නම් මේ කරුණු ටික අනුගමනය කරන්න. 👇
✅ 1. උදෑසන 8ට පෙර වතුර දමන්න ⏰
වතුර දාන්න හොඳම වෙලාව තමයි උදේ වරුව. ඉර එළිය සැර වෙන්න කලින් වතුර දැම්මම, දවල් වෙනකම් පසෙහි තෙතමනය රැඳී තියෙනවා. ඒ වගේම මුල් වලට වතුර උරාගන්න හොඳට වෙලාව ලැබෙනවා.
🚫 2. දවල් 10 - 2 අතර වතුර දැමීමෙන් වළකින්න 🔥
දැඩි හිරු එළිය තියෙන වෙලාවට වතුර දැමීම එතරම් සුදුසු නැහැ.
* එකට හේතුව දැඩි රස්නය නිසා වතුර ඉක්මනින් වාෂ්ප වී යාම.
* අනෙක් කාරණය නම්, වතුර බිංදු කොළ මත රැඳී තිබුනොත්, අව් රශ්මිය නිසා කොළ පිච්චෙන්න පුළුවන්.දවල් රස්නෙට වතුර දැම්මොත්, මුල් වලට උරාගන්න කලින් වතුර වාෂ්ප වෙලා යනවා. ඒක වතුර අපරාදයක්
🚿 3. කොළ වලට වඩා මුලට වතුර දමන්න 🌱
හැමවෙලේම පස හොඳින් තෙත් වන පරිදි පැළයේ පාමුලට වතුර දමන්න. කොළ තෙත් කිරීම මගින් දිලීර රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා (විශේෂයෙන් හවස් කාලයේදී).
🥥 4. පස ආවරණය කරන්න (Mulching) 🍂
මේ වගේ පායන කාලෙට වතුර දානවා වගේම වැදගත් දෙයක් තමයි පස ආවරණය කරන එක. පොල් ලෙලි, වේලුණු කොළ හෝ පිදුරු දාලා ගස් වටේ ආවරණය කරන්න. එමගින් පස වේලෙන එක පාලනය කරගන්න පුළුවන්.
🌇 5. හවසට වතුර දානවා නම්?
උදේට වතුර දාන්න බැරි වුනොත්, හවස 4න් පස්සේ වතුර දාන්න. හැබැයි රෑ වෙන්න කලින් වතුර දාලා ඉවර කරන්න බලන්න. රෑට කොළ තෙතට තිබුනොත් දිලීර එන්න පුළුවන්.
📌ඔයාලත් මේ දවස්වල වත්තට වතුර දාන්නේ කොයි වෙලාවටද? පහලින් comment කරන්න! 👇💧
▪️ලිපි සැකසුම හැඩකාර ගෙවත්ත වෙනුවෙන් ඇඩ්මින් ප්‍රියන්තිකා දිල්රුක්ෂි.
▪️කොපි කිරීමේදී කතු අයිතිය සුරකින්න.