08/02/2026
ලස්සන විතරක් මදි, කුස්සිය කියන්නේ පහසුව තිබිය යුතුම තැනක්! 🍳🏠 (Kitchen Ergonomics & Work Triangle)
ගෙදරක වැඩිපුරම වෙලාවක් ගතවෙන්නේ කුස්සිය ඇතුලේ බව අපි දන්නවා. උදේ ඉඳන් රෑ වෙනකල් හිටගෙන උයනකොට කොන්ද රිදෙනවා නම්, කකුල් රිදෙනවා නම්, ඉක්මනට මහන්සි වෙනවා නම්... ඒකට හේතුව ඔයාගේ ඇඟේ ප්‍රශ්නයක් නෙවෙයි, සමහරවිට කුස්සියේ "ප්ලෑන්" (Plan) එකේ අවුලක් වෙන්න පුළුවන්. 🤔
කුස්සියක් හදද්දි ටයිල් එකේ පාට ගැන හිතනවා වගේම, මේ දේවල් ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න. 👇
1. මොකක්ද මේ "Work Triangle" එක? 📐 සරලව කිව්වොත් කුස්සියේ ප්‍රධානම තැන් 3 වන සිංක් එක (Sink), ලිප (Cooker) සහ ෆ්‍රිජ් එක (Fridge) අතර තියෙන සම්බන්ධයයි.
මේ තුන යා කළාම ත්‍රිකෝණයක් හැදෙන්න ඕනේ.
මේවා එකිනෙකට ගොඩක් ඈතින් තිබුනොත්, උයන අතරතුරේ ඔයාට රවුම් ගාණක් ඇවිදින්න වෙනවා (එතකොට තමයි ඉක්මනට මහන්සි වෙන්නේ).
මේවා ගොඩක් ළඟින් තිබුනොත් ඉඩ මදි වෙලා වැඩ කරන්න අමාරු වෙනවා. ඒ නිසා මේ තුන නිවැරදි දුරකින් තියාගන්න.
2. පැන්ට්‍රි කබඩ් (Pantry Cupboards) වල උස සහ ගැඹුර 📏 ගොඩක් ගෙවල් වල පේන්න තියෙන වරදක් තමයි මේක. පැන්ට්‍රි එකේ උස ඔයාගේ උසට ගැලපෙන්න ඕනේ.
සාමාන්‍ය සම්මතය අනුව පැන්ට්‍රි එකේ උස අඟල් 30-36ත් අතර (75cm - 90cm) තියෙන්න ඕනේ. ඊට වඩා උස වැඩි වුනොත් අත උස්සගෙන වැඩ කරන්න ගියාම කරේ අමාරු එනවා.
ගැඹුර (Depth) අඟල් 24ක් (60cm) වගේ තියෙන එක තමයි වඩාත් පහසු.
3. දුම යන්න ඉඩ තියන්න (Ventilation) 💨 අපේ කෑම ජාති උයද්දි තෙල් දුම, මිරිස් සැර එනවා වැඩියි. ඒ නිසා කුස්සියට හොඳට හුළං එන්න ජනෙල් තියන්න. එහෙම නැත්නම් ලිපට ඉහළින් Cooker Hood එකක් හෝ බිත්තියට Exhaust Fan එකක් සවි කරන්න. රස්නය සහ දුම පිරුණු කුස්සියක ඉන්න එක සෞඛ්‍යයටත් හොඳ නෑ.
4. රෑට උයද්දි එළිය මදිද? (Lighting) 💡 ගොඩක් කුස්සිවල ලයිට් එක තියෙන්නේ වහලේ මැද. එතකොට අපි ලිප ගාවට ගිහින් හිටගත්තම, අපේම හෙවණැල්ල වැටිලා වළඳේ තියෙන දේ හරියට පේන්නේ නෑ.
ඒ නිසා පැන්ට්‍රි කබඩ් වලට යටින් (Under-cabinet lighting) හරි ලිපට කෙලින්ම එළිය වැටෙන විදියට හරි ලයිට්ස් පාවිච්චි කරන්න.
ලස්සන වගේම මේ පුංචි තාක්ෂණික දේවල් ගැනත් හිතුවොත්, කුස්සියේ වැඩ කරන එක ඔයාට වදයක් වෙන එකක් නෑ. ♥️
ඔයාගේ ගෙදර කුස්සිය හදන්න ඉන්න යාළුවන්ටත් දැනගන්න මේ පෝස්ට් එක Share කරන්න.