21/10/2024
-උපුටා ගැනීමකි-
ගෙවත්තේ ඇති විසිතුරු මල් සදහා පොහොර භාවිතය
විසිතුරු මල් වගාවේදී අපි භාවිතා කරන සෑම පොහොර වර්ගයකම මූලිකව අඩංගු වෙන්නේ
🎄 නයිට්‍රජන්.
🎄 පොස්පරස්.
🎄 පොටෑසියම්.
(ඔයාලා මේ වෙනකොට පොහොර අරන් තියෙන කෙනෙක් නම් පැකැට්ටුවේ NPK කියලා සදහන් වෙනවා දැකල ඇති)
නයිට්‍රජන් (N) - මල් වගාවේදී ගස හොදින් වර්ධනය සදහා උපකාරී වේ.
පොස්පරස් (P) - මෙය ශාඛයේ මූල පද්ධතිය හොදින් වර්ධනය සදහා භාවිතා කරයි
පොටෑසියම් (K) - මල් හට ගැනීමට උපකාරී වේ.
ඉහත මූලික සංඝටක තුන ඇරුනම මැග්නීසියම්,යකඩ වගේ දේවලුත් අනු සංඝටක විදියට පොහොර සෑදීමේදී යොදා ගන්නවා.
ඉතින් ගස හොදින් වර්ධනයට නයිට්‍රජන් ප්‍රමාණය වැඩි පොහොරත් මූල පද්ධතිය වර්ධනයට පොස්පරස් (P) ප්‍රමාණය වැඩි පොහොරත් මල් ලබා ගැනීමට පොටෑසියම් මාත්‍රාව වැඩි පොහොරත් යොදා ගන්නවා.
ඉතින් ලංකාවේ ප්‍රධාන වශයෙන් කැට පොහොර හා දියර පොහොර වශයෙන් රසායනික පොහොර වර්ග කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
අපි බලමු අපේ ගෙවතු වගාවට බහුලවම භාවිතා කරන පොහොර වර්ග කීපයක් ගැන.
1.ඔස්මොකෝට් (Osmocote)
ඔයා මල් වගාවට ආධුනික කෙනෙක් නම් මෙම පොහොර භාවිතය ඔයාට ගොඩක් පහසුයි.මොකද මේක දිගුකාලීන කැට පොහොර වර්ගයක්.එක් වරක් ඔයා පැලයට යෙදුවම මාස 5ක් 6ක් අතර කාලයක් යනවා පැලයට උරා ගන්න.අනික පොහොර ප්‍රමාණය වැඩි වුණා කියලා පැලයට වෙන බලපෑම බොහොම අඩුයි.
ඔස්මොකෝට් කැට පොහොර වර්ග 3ක් වෙලදපොල තුල අපිට මිලදී ගන්න පුලුවන්.
🎄ඔස්මොකෝට් High N(නයිට්‍රජන් ප්‍රමාණය වැඩි)
🎄ඔස්මොකෝට් High K (පොටෑසියම් ප්‍රමාණය වැඩි)
🎄ඔස්මොකෝට් All purpose
ගස හොදින් වර්ධනයට අපිට පුලුවන් ඔස්මොකෝට් High N භාවිතා කරන්න.ඒ වගේම හොද මල් පලදාවකට ඔස්මොකෝට් High K භාවිතා කරන්න පුලුවන්..
2.යාරාමිලා කම්ප්ලෙක්ස්
ඔස්මොකෝට් වල අවාසියක් තමයි මේක පැලයට උරා ගන්න ටික කලක් ගත වෙන එක හා මිල පොඩ්ඩක් වැඩි එක..
යාරාමිලා කම්ප්ලෙක්ස් ලාබදායි මිලකට ගන්න පුලුවන් වගේම පැලයට ඉක්මනින් උරා ගන්නවා.මෙහි පොටෑසියම් ප්‍රමාණය අධික පොහොරක්.
ඒ වගේම මෙම පොහොර යෙදීමේදී ශාඛයේ මුලෙන් ටිකක් ඈතට වෙන්න යොදන්න ඕන.
මාසයකට සැරයක් මෙම පොහොර යෙදීම ප්‍රමාණවත්.
3. K 44
මේක පොටෑසියම් සාන්ද්‍රනය ඉතාමත් අධික පොහොර වර්ගයක්.
මෙය මල් හට ගැනීමට සුදුසු ශාක වලට ඇසුරුමේ සදහන් ආකාරයට මිශ්‍ර කර දින 10කට වතාවක් පත්‍ර වලට යෙදීම ප්‍රමනවත්.
හැබැයි ප්‍රමාණය වැඩි උනොත් පැලයට හානි වෙන්නත් පුලුවන්.
4.කැප්ටාන්
මේක දිලීර නාශක පොහොර වර්ගයකි.මුල් කුණු වීමට පසේ දිලීර විනාශ කිරීමට බහුලව යොදා ගනී.
5.නිල් කැට
මේක අපි කා අතරත් ජනප්‍රිය පොහොර වර්ගයක්.හැබැයි නිවැරදි ආකාරයට භාවිතා කරන්න ඕනි.😉😉😉😉
ශාඛයේ වර්ධන අවධියේ මෙම පොහොර වර්ධනය සදහා බෙහෙවින් උපකාරී වේ.
6.දම් කැට
හොදින් වර්ධනය වූ ශාඛ වල මල් ලබා ගැනීමට මෙම පොහොර වර්ගය භාවිතා කරයි.
(නිල් කැට දම් කැට ගැන වෙනම ලිපියක කියලා දෙන්නම්)
සැ.යු -
වැදගත්ම දෙයක් තමයි පොහොර යොදනකොට පැලයකට අවශ්‍ය ආකාරයකට පොහොර යෙදීම.
උදාහරණයක් ගත්තොත් මුල හොදින් වර්ධනය වෙලා නැති මුල් අවධියේ පැලයකට මල් ලබා ගැනීම සදහා පොටෑසියම් අධික (k44,යාරාමිලා කම්ප්ලෙක්ස්,යාරාමිලා ටාගට්, ඔස්මොකෝට් High K,දම් කැට) යොදා ගැනීමෙන් පැලයේ වර්ධක මුල් වලට හානි වෙනවා වගේම ශාකයේ වර්ධනයද අඩාල වෙනවා.එම නිසා ශාඛයේ මුල් හොදින් වර්ධනය වී ශාඛය හොදින් වැඩුනු පසු මල් ලබා ගැනීමට පොහොර යෙදිය යුතුයි.😉😉😉😉
ඉතින් ඕකිඩ් ඇන්තූරියම් ඇරුනාම වෙනත් ඕනෑම විසිතුරු මල් වගාවකට මේ ආකාරයට පොහොර යෙදීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්න පුලුවන්.
ඉතින් පොඩි හරි දැනුමක් ලබා ගත්තනම් අපේ page එකට Like කරලා share කරන්න.
-උපුටා ගැනීමකි-