Sky Homes

Sky Homes හරිම සැලසුම එකම සැනසුමයි
ප්‍රායෝගිකව සහ වාස්තු විද්‍යානුකූල සැලසුමකින් ඔබේ පළමු පියවර තබන්න

24/08/2024
🏡 ඔබේ නව නිවස සැලසුම් කිරීමට අපව භාවිතා කරන්න! ✨ඔබ නව නිවසක් ඉදිකිරීමට සැලසුම් කරන්නේ නම්, ඔබට ප්‍රවීණ වාසස්ථාන නිර්මාණක...
24/08/2024

🏡 ඔබේ නව නිවස සැලසුම් කිරීමට අපව භාවිතා කරන්න! ✨

ඔබ නව නිවසක් ඉදිකිරීමට සැලසුම් කරන්නේ නම්, ඔබට ප්‍රවීණ වාසස්ථාන නිර්මාණකරුවන්ගේ උපදෙස් අවශ්‍ය වේ. 🛠️ අපගේ කණ්ඩායම, ඔබේ සම්ප්‍රදායික සහ නවීන අවශ්‍යතා සපුරාලමින් ඔබේ ස්වභාවික පරිසරය සමඟ ගැලපෙන අලංකාර නිවසක් නිර්මාණය කිරීමට උදව් කරයි. 🌿

ඔබේ නව නිවස සැලසුම් කිරීමේ ප්‍රතිඵල:

- ☀️ ස්වාභාවික ආලෝකය සහ සංසරණය වැඩි කරමින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම
- 🏠 ඔබේ ජීවන රටාවට ගැලපෙන විවෘත සහ සංවර්ධිත ඉඩම් සැලසුම් කිරීම
- 🌈 ස්වාභාවික ද්‍රව්‍ය සහ ස්වාභාවික වර්ණ භාවිතයෙන් සම්ප්‍රදායික සහ නවීන මිශ්‍රණයක් ඇති කිරීම

අපගේ ප්‍රවීණ කණ්ඩායම සමඟ කතා කරන්න, ඔබේ නව නිවස සැලසුම් කිරීමේ ඉහළ ගුණාත්මක භාවය සහතික කරගන්න. 📞 අපගේ සේවා ගැන වැඩිදුර දැනගැනීමට අප හා සම්බන්ධ වන්න! 💬

#නිවස_සැලසුම් #ස්වාභාවික_නිර්මාණ #නවීන_වාසස්ථාන

18/07/2024

ඔබගේ නිවසේ ළිඳේ පිහිටීම ගැන හරියටම දැනගන්න අවශ්‍යයි නේද?
මේ ළිඳ ගැන කතා කරද්දි මේ කතා කරන්නේ නාන ස්ථානය ගැන නෙවෙයි වතුර බොන ළිඳ පිළිබඳව.
මේ ළිඳ හතරැස් හෝ රවුම් වීම පිළිබඳ කිසිම ගැටළුවක් නෑ. එහෙම දෙයක් වස්තුවලින් සාකච්ඡා වෙන්නේ නෑ.
ඒ වගේම ගෙයි මුල්ලට යට ලීයකට ළිඳ පිහිටීම ගැන සමාජයේ මතයක් තියෙනවා,
ඒක මතයක් විතරයි වසර ගණනාවකට කලින් මෙහෙම මතයක් තියෙන හේතුවක් තිබුණා ඒ තමයි අපි ගෙවල් නිර්මාණය කරේ මැටිවලින්.
මෙහිදී ගෙදර බල රේඛා මගින් ලැබෙන බලය ගේ අසල තියෙන ළිඳක් නිසා, නිවසක අත්තිවාරමට සහ ලිඳට හානි කිරීමට හැකියාවක් තිබුණා.
නමුත් වසර 113 ක පමණ කාලයක සිට අපි සිමෙන්තිවලින් නිවාස නිර්මාණය කරනවා මේ නිසා අද ඒ මතය ගැන නොසලකා ඉන්න පුළුවන්, ඒක මතයක් විතරයි.
වාස්තු වලට අනුව මෙම ළිඳ ගැන කතා කරන්න වෙන්නේ ඉදිරිපස දොරට සාපේක්ෂවයි.
ඔබගේ නිවසේ ඉදිරිපත් පස දොරෙහි සිට කෙලින් සිට ගත්විට ඔබගේ වම් පසට සහ දකුණු පසට අංශක 180 ක කෝණයකට යටත්ව ඇති පරාසය තුළ ලිඳ පිහිටයි නම් ඒ ළිඳ පිහිටා ඇත්තේ ගිනිකොන, දකුණ, නිරිත, වයඹ, නම් ළිඳ නුසුදුසු බව පවසනවා.
නමුත් මේ ඉදිරිපස දොර ට අදාල කෝණයෙන් පිටත මෙම ලිඳ පිහිටයි නම් ඒ ඉදිරිපස දොරට පේන්නෙ නැත්නම් එහි දෝෂයක් නැහැ. නුසුදුසු සේ ඔබගේ ළිඳ පිහිටනවා නම් එයටද වස්තුවල ප්‍රතිකර්ම ඇත.
සෑම වෙලාවකදීම සමාජයේ ඇති මත තෝරා බේරාගෙන
ඔබ නිවසක් ඉදිකිරීමේදි ප්‍රායෝගිකත්වයට මුල්තැන දිය යුතුය. ඔබට ලැබී ඇති ඉඩම ප්‍රදේශය අනුව ඔබගේ නිවස ඉතාමත් ප්‍රායෝගිකව සැලසුම් කර ගැනීම ඔබ සතු වගකීමයි.

18/07/2024

නිවාස හැඩතල මිනිසුන්ගේ මනෝභාවයට සිදුකරන බලපෑම.
හැඩතල වලට එසේ බලපෑමක් කරන්න පුලුවන්ද? ඔව්.
අපේ පැරැණි මුතුන් මිත්තෝ මේ ගැන කියලා තියෙනවද? ඔව්.

විවිධ හැඩතල මිනිසාගේ මනසට සිදුකරන බලපෑම බටහිර මනෝ වෛද්‍යවරුන් පරීක්ෂණාත්මකව ඔප්පු කරල තියෙනවා.
philosophy of shapes යන මාතෘකාව යටතේ විමසා බලන්න පුලුවන්.

"අපි නිර්මාණය කරන නිවස කාලයත් සමඟ අපිව වෙනස් කරනවා"
යුධ විශේෂඥයෙක්, ලේඛකයෙක්, වගේම එක්සත් රාජධානි‍යේ හිටපු අග්‍රාමාත්‍ය
වින්ස්ටන් චර්චිල් (Winston Churchill) මහතා පවසනවා

ස්වභාධර්මයේ තියන සියලුම දේවල් වලට සුවිශේෂ විශිෂ්ට හැඩයකින් පණපොවන තියෙනවා.
මෙය අපේ නිර්මාණවලට එකතු කරගන්න ලොකු දායකත්වයක් ඉතාලි ගණිතඥයකු වූ Fibonacci (born around 1170) සහ Leonardo da Vinci දීලා තියෙනවා.
අද බටහිර ජනතාව මෙම තාක්ෂණය ඔස්සේ හැඩතල තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන තියෙනවා
අපි අපේ පැරැන්නන්ගේ මත ඉවත් කරලා නව ලෝකයේ තාක්ෂණය මුසු කර ගැනීම සිදු කරන්නෙත් නැතිව ඉදිකිරීම් කිරීමෙන් අතරමං වෙලා ඉන්නවා.
ඔබේ පෞරුෂයට ගැලපෙන ආකාරයට හැඩතල යොදා ගැනීම නිවසක් ඉදිකිරීමේදී ඉතාම වැදගත්.

අපගේ මුතුන්මිත්තන් නිවසක් නිර්මාණය කිරීමේ දී හොදම හැඩතල ලෙස අපිට හඳුන්වා දුන්නේ
චතුරස්‍රාකාර හෝ සමචතුරස්‍රාකාර හැඩතලයි. ඔවුන් මෙසේ කියන්න හේතුවක් තිබුණා ඒ තමයි
වියදම අඩුවීම
නාස්තිය අඩුවීම
ඉක්මනින් ඉදි කිරීමට හැකිවීම
අමුද්‍රව්‍ය නාස්ති නොවීම
ඉදි කරන්න තියෙන පහසුව සහ පරිසරය සමඟ අනුගත කරගන්න තියෙන පහසුව
මෙම නිවාස වල ශක්තිය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබිඹු විය.

ත්‍රිකෝණාකාර නිවාස ඉදි කරන්න පුලුවන්ද?
ඇත්තටම හැඩතලයක් ලෙස ත්‍රිකෝණාකාර නිවාස ඉදි කළ හැකිය.
එහිදී නිවසේ center point එක නිවස තුල සිටින ලෙස ඉදිකළ යුතුයි.
මෙම හැඩය උද්‍යෝගීමත් ස්ථාවර භාවයක් ගේනවා වගේම අවදානම සහ
අනතුර යන හැඟීම මනස තුළ ජනිත කරනවා.
රවුම් හැඩයේ නිවාස ස්ථාවර භාවයෙන් යුතු වුණත් අභිරහස් ගුප්ත බවකින් යුක්ත වෙනවා

ඔබේ නිවස ඉදි කිර්‍ර්මේදී පෙරදිග වාස්තු සංකල්ප හෝ අපරදිග සංකල්ප යොදා ගනීම අනිවර්‍යෙන් සිදු කරන්න

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ ආදරණීයන්ටත් ඉතාමත්ම සුභ වාසනාවන්ත නව වසරක් වේවා...!! අප ආයතනයේ සියලු දෙන...
13/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ ආදරණීයන්ටත් ඉතාමත්ම සුභ වාසනාවන්ත නව වසරක් වේවා...!!
අප ආයතනයේ සියලු දෙනා විසින් ඔබ හට සුභාෂින්සන එක්කරන්නෙමු...!🥰

17/01/2023
OCEANIUMS, A Biomimetic Generation of Floating and Sustainable Stadiums ✨❤️
17/12/2022

OCEANIUMS, A Biomimetic Generation of Floating and Sustainable Stadiums ✨❤️

නිවසක් ඉදිකිරීමේදී නිවසේ අය-වැය සම්බන්ධයෙන් බොහෝ අය විමසනව.මේ සම්බන්ධව කරුණු මෙම ලිපිය කියවා අවසන් වෙද්දී ඔබට නිවැරදිව අ...
17/12/2022

නිවසක් ඉදිකිරීමේදී නිවසේ අය-වැය සම්බන්ධයෙන් බොහෝ අය විමසනව.
මේ සම්බන්ධව කරුණු මෙම ලිපිය කියවා අවසන් වෙද්දී ඔබට නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්.

අතීතයේදී පෙරදිග ගෘහ නිර්මාණ ශිල්පය ඉතාම දියුණු මට්ටමක තිබුණු බවට සාක්ෂි අදටත් අපට හමුවේ.
එම නිර්මාණ කරනය සම්බන්ධයෙන් තිබූ තාක්ෂණය පිළිබඳව බටහිර ඉංජිනේරු තාක්ෂණයට අදටත් කුතුහලයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා ශ්‍රී ලංකාවේ සීගිරිය අනුරාධපුර පොලොන්නරු යුගයේ නිර්මාණ ඉංදියාවේ ටජ්මහල් වැනි අද්විතීය නිර්මාණ මෙම ගෘහ නිර්මාණ ශිල්පය තුළින් සහ ඉංජිනේරු තාක්ෂණය තුළින් නිර්මාණය කර තිබෙනවා. නමුත් අද එම තාක්ෂණය අප තුළින් වියැකී ගොස් අවසන්. බටහිර ක්‍රමවේදය තුළ දී ගෘහ හිමියාට සහ පරිසරයට නිවස ඒකාබද්ධ කිරීමට golden ratio ක්‍රමවේදය භාවිතා කරනවා නිවසක් ඉදිකිරීමේදී වාස්තු හෝ golden ratio භාවිතය ඉතාම වැදගත්.

අතීතයේදී නිවසක් නිර්මාණය කළේ ගෘහ හිමියාගේ උපන් නැකතට සහ ගෘහ හිමියාගේ උස බාහුවක දිග වියත වැනි මැනුම් ක්‍රම යොදාගෙන.
අද වෙද්දි වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කරණයේදේ එම නිවසෙහි වාසය කරන ගෘහමූලිකයා සහ නිවැසියන්ගේ උපන් නැකත් වලට අනුව නිවස නිර්මාණය කරනු ලබනවා.
මාගේ අත්දැකීම් අනුව එසේ වාස්තු ගැන නොසලකා නිර්මාණය කරන නිවාස වලට වඩා තමන්ගේ උපන් වෙලාවට ගැලපෙන ලෙස නිර්මාණය කරන නිවාස සාර්ථකත්වයක් දරා තිබෙනවා.

නිවසක් නිර්මාණය කිරීමේදී වඩුරියන් සහ වර්ග වඩුරියන් මගින් නිවස වර්ග කර එම වර්ගඵලයට අදාළව නැකත් සාදනු ලබනවා මෙහිදී නිවසක් සීහුම් කිරීමේදී පොරොන්දම් 11ක් ගෘහ මූලිකයාගේ උපන් නැකතට අනුව ගලපනු ලබනවා එහිදී පොරොන්දම් ගැලපීම 75% කට වඩා වැඩිනම් සුළු වාස්තු දෝස විශාල ප්‍රමාණයක් නොසලකා හැරිය හැකියි.

මෙසේ පොරොන්දන් එකොළහක් ගළපන නිසා එකාදශ පොරොන්දම යනුවෙන් මෙම ගැළපීම හදුන්වනු ලබනවා. එහිදී ගෘහ හිමියාගේ නැකතේ සිට නිවාස නැකත දක්වා ගණනය කරනු ලබනවා
එම නැකත් දෙකම එකම නැකතක් නොවීමට වග බලා ගත යුතුයි.
එම නිසා ගෘහ හිමියාගේ නැකත මෛත්‍රී, පරම මෛත්‍රී, සම්පත්, දක්වා ගණනය කොට ගෘහ පිණ්ඩය සකස් කළ යුතුයි.
මෙහිදී සෑම විටම මෛත්‍රී පරම මෛත්‍රී නැකතක් ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.

මෙසේ පහත එකොළොස් පොරොන්දම් ගැළපීම කරයි.
1. අය පොරොන්දම
2. වැය පොරොන්දම
3. යෝනි පොරොන්දම
4. නැකැත් පොරොන්දම
5. දින පොරොන්දම
6. අංශක පොරොන්දම
7. රාශි පොරොන්දම
8. තිථි පොරොන්දම
9. වංශ පොරොන්දම
10. දේවතා පොරොන්දම
11. ආයුෂ පොරොන්දම

නිවසේ ගෘහ පිණ්ඩය සකස් කර වර්ග කිරීමෙන් පසු අය පොරොන්දම 6 ට වැඩිනම් සුබදායක වේ.
වැය පොරොන්දම 5ට අඩු නම් සුබදායක වේ.
යෝනි පොරොන්දම තුළින් නිවැසියන්ගේ නිරෝගීකම සකස් කර ගනු ලබයි.
අංශක පොරොන්දම තුළින් අර්ත බල භූත ධාන්‍ය ගෘහ පල ගෙනදේ.
මේ ආකාරයට එකොළොස් පොරොන්දම් මගින් නිවස ගෘහ හිමියාට කෙසේ වැඩදායක වේද යන්න ගණනය කරයි.

මෙසේ නිවස සීහුම් කිරීම ගණනයේදී නිවසේ දිග පළල අනුව ක්ෂේත්‍රඵලය යොදාගනී.
එහිදී සැලකිල්ලට භාජනය වන්නේ නිවසට යට වූ බිම් ප්‍රමාණයයි.
මෙය ගෘහ පිණ්ඩය නම් වේ. මෙය නිවසට අදාල ප්‍රමාණය නිසා මෙයට ගරාජය පිටතට විහිදී ගිය වැරෙන්ඩාව ආදියේ වර්ගඵලය එකතුකර නොගැනේ.

whatsapp 👇
https://wa.me/message/HSV6M7HV3AJFH1

ගෘහ නිර්මාණ ශිල්පීන්ගොඩනැගිලි බිම් ගැන සොයාබැලීමට ගෘහ නිර්මාණ ශිල්පීහු සිටියහ. ගල් ගුහාවල තිබෙන ලියවිලිවල 'නගර ගෘහ නිර්ම...
10/12/2022

ගෘහ නිර්මාණ ශිල්පීන්
ගොඩනැගිලි බිම් ගැන සොයාබැලීමට ගෘහ නිර්මාණ ශිල්පීහු සිටියහ. ගල් ගුහාවල තිබෙන ලියවිලිවල 'නගර ගෘහ නිර්මාණ ශිල්පියෙකු' ගැන සඳහන් වේ. අති සූක්ෂම හා විශේෂිත උපකරණ යොදාගනිමින් විද්යානනුකූලව ගොඩනැගීම් කර තිබුණි. උදාහරණයක් වශයෙන් සමහර ගල් පුවරු කොතරම් අගනා ලෙස කපා තිබුණේද කියතොත් ඒවා සම්බන්ධ වූ තැන් පවා දැකගත නොහැකි විය. එම ස්ථාන කෙතරම් සූක්ෂම අයුරින් පුරුද්දා ඇත්දැයි කියතොත් ඒතැන් වලින් කිසිදු දෙයක් ඇතුල් කිරීම පවා දුෂ්කරය. ඈෂ්ලි ඩී වොස් (Ashley de Vos) කියන්නේ මෙවැනි නිමැවුම් කිරීමට වර්තමාන යුගයේදී පවා අති සූක්ෂම උපකරණ තිබිය යුතුය යනුවෙනි. අඩි විස්සක් පමණ දිග තුනී ගල් පුවරු ඔසවා තැබීමට ව්යුශහාත්මක යන්ත්රය ශාස්ත්රෙය පිළිබඳ දැනීමක් අවශ්යප විය. මුළු ලෝකයෙන්ම පළමු පෙර සවි තාක්ෂණයක් තිබෙන්නට ඇත්තේ ශ්රී ලංකාවේය යනුවෙන් ඩී වොස් තව දුරටත් කියයි. ඇතැම් පූජනීය ස්ථානවල තිබුණු ගොඩනැගිලි වෙනත් ස්ථානයක නිමවා පසුව එකලස් කරන ලද ඒවා විය.

මේවගේ පොඩි pool එකක් 🤩
09/12/2022

මේවගේ පොඩි pool එකක් 🤩

Address

Ratnapura
70000

Telephone

+94773103868

Website

Alerts

Be the first to know and let us send you an email when Sky Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share