29/05/2026
අද උදේ alarm එක off කරලා පොඩ්ඩක් එහෙන්මම හිටියා, මට එහෙන්මම නින්ද ගිහින්, දඩිබිඩි ගාලා උදේට කෑම හදලා දවල්ටත් හැදුවා. ඒත් plan කරන් හිටිය විදිහට පරිප්පූ එක උයාගන්න බැරි උනා 🙁 ඒක නිසා බිත්තරයක් බැදගත්තා 😁
උදේන්ම වේලාසනින් නැගිටිනවා කියන්නේ සාර්ථක දවසක ආරම්භයක්. ඒකම තමයී ඉතිං කරන්නත් අමාරුම 🤭 උදේන්ම නැගිට්ටහම වැඩකටයුතු සැලසුම් කරගන්න, මනස නිදහස්ව තබාගන්න, සහ කාලය නිවැරදිව කළමනාකරණය කරගන්න අපිට පුලුවන් වෙනවා. කාලය හොඳින් සැලසුමකට අනුව යොදාගන්නකොට හදිසි වීම, පසුතැවීම් සහ අතපසු වීම් අඩුවෙනවා. අදත් මට හිතුනා අපරාදේ alarm එක වදිද්දිම නැගිටින්න තිබ්බනේ කියලා.
අපේ ජිවිතයේ ලොකූ වෙනස්සකමක් වෙන්න පුලුවන් මේ උදේන්ම නැගිටිනවා කියම එක අපේ ජිවිතයේ පුරුද්දක් කරගත්තොත්.
ඒ නිසා හෙටවත් වේලාසනින් නැගිටලා, සැලසුම් සහිතව දවස ආරම්භ කරන්න ඕනේ කියලා මමනම් හිතා ගත්තා. ☀️
අද දවල්ට,
✅ නාඩූ බත්
✅ කුකුල් මස් මිරිසට
✅ කොස් ඇට තෙල් දාලා
✅ බිත්තරයක් බැදලා
#කාලය_කළමනාකරණය