Online Anthurium - Online ඇන්තූරියම්

Online Anthurium - Online ඇන්තූරියම් Anthurium raer varieties collection and nursery for hobby and earning - දුර්ලභ අන්තුරීම් වර්ග එකතුවක්

04/10/2025

Discover the future of sustainable living with our expert guide to Eco Home Design. Whether you're planning your dream build or simply curious about eco-friendly architecture, we provide the insights you need to create an environmentally responsible and efficient home. Join us in leading the way towards a greener future. Call or WhatsApp 071 074 4888, 071 952 5425

30/11/2023

රාත්‍රියේ දී පවා ඔක්සිජන් මුදාහරින පූජනීය ඇසතු බෝ ගස.

සිද්ධාර්ථ බෝසතාණෝ සුජාතා සිටු දියණිය පූජා කළ කිරිපිඬු වළඳා, එම රන්තැළිය “බුදුවන්නේ නම් උඩුගම් බලාම යන්න” යැයි සිතා නේරංජනා ගඟේ පා කළහ. ඉන්පසුව බෝසතාණෝ “මම සත්‍ය අවබෝධ කරගෙන මිස මෙතැනින් නොනැගිටිමි” යැයි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඇසතු රුක මුල අසුන් ගත්හ.

මේ විසල් ඇසතු රුකේ බෝ පත් අතරින් හමා ආ සිහිල් සුළං උන්වහන්සේගේ ගතට සිසිලසක් ගෙන දුන්නේය. පත්‍රයන් එකිනෙකින් සැඟවී පොළොවට ගලා ආ දැඩි හිරුරැස් හා පින්න බෝසතාණන් බුදු බව ලැබන තුරුත් ඉන් පසුවත් රැකවරණය සැලසීමට සමත් විය.

තමන්ට බුදුවීමට සෙවණ සැලසූ ඒ පරමවූ මිතුරාට කෘතගුණ සැලකීමට උන්වහන්සේ අමතක නොකළහ. උන්වහන්සේ සත් දිනක් ඇසිපිය නොහෙළා ඇසතු රුක දෙස බලා සිට අනිමිස ලෝචන පූජාව සිදු කළහ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයෙහි, ඛුද්දක නිපාතයෙහි බුද්ධ වංස පාළියෙහි සඳහන් පරිදි,

“අහං අසසත්ථ මුලමති පතෙතා සම්බෝධි මුත්තමං”

සියලු කෙලෙසුන් නසා සිද්ධාර්ථ බෝසතාණෝ ඇසතු බෝ රුක මුලදී ගෞතම බුදුන් ලෙස ලොව්තුරු බුද්ධත්වයට පත්වූහ. උන්වහන්සේ බුද්ධ රාජ්‍යයේ විසිඅට වැනි බුදුන් වූහ.

බුද්ධ වංස අට්ඨ කථාවේ සඳහන් පරිදි තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ සිට ගෞතම බුදුන් දක්වා බුදුවරු විසිඅටදෙනා අතර විවිධ වූ කරුණු සමානකම් දක්නට ලැබේ. එනම් සියලු බෝසත්වරු බුදුවන ස්ථානය ප්‍රථම ධර්ම දේශනාව සිදුකරන ස්ථානය වැනි කරුණු කාරණා සියලු බුදුවරුන්ට පොදුවූ කරුණු වේ.

තවද ඇතැම් කරුණු එක් එක් බුදුවරුන්ට පමණක් සුවිශේෂ වේ. ආයුකාලය එක් එක් බුදුවරුන්ට වෙනස් වේ, ශරීරයේ උස ප්‍රමාණය, කුලය, එමෙන්ම බෝසතාණන් බුදුවීමට පිටදුන් වෘක්ෂය නැතහොත් බෝධි වෘක්ෂය විවිධාකාර වූ බවට සාධක බුද්ධ වංශය හා ඒ ආශ්‍රිතව ලියැවුණු අට්ඨකථා පරිශීලනය කිරීමෙන් හමුවන කරුණකි.

විවිධත්වය දක්වන කරුණු අතරින්, බුදුවීමට පිටදුන් වෘක්ෂයට සුවිශේෂ තැනක් හිමිවේ. මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුවරු ඇසතු වෘක්ෂය බුදුවීමට පිටදුන් බෝධිය ලෙස තෝරාගත්හ. මීට අමතරව කුඹුක්, පුළිල, කොළොන්, ඇටඹ, දිඹුල්, නුග වැනි විවිධ ගස් වර්ගයන් විවිධ වූ බුදුවරුන් විසින් තම බෝධිය ලෙස තෝරාගෙන ඇත.

මෙසේ බෝසත්වරු සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමට උපකාරී වන බෝධිය තෝරා ගන්නේ කුමන පදනමක් මත දැයි ගවේෂණාත්මකව බැලීම වැදගත් වේ.

මේ පිළිබඳ විවිධ අධ්‍යයනයන් විවිධ වූ පුද්ගලයන් විසින් සිදුකර ඇත. මෙසේ ඉදිරිපත් වන අදහස්වලින් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනය කොට ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක හිමියන් විසින් රචනා කළ ජය ශ්‍රීමහා බෝධිය නම් කෘතියෙන් ඉතා වැදගත් මතයක් ගොඩනගා ඇත.

බුදුන් වැඩ සිටි සමයට වසර හාර දහසකට (4000) පමණ පෙර සිට පටන් ඇසතු රුක පූජ්‍යත්වයට පත්වූ වෘක්ෂයක් බවට මූලාශ්‍ර හා සාධක හමුවී ඇත.

මින් පැරණිම මූලාශ්‍රයන් අතරින් සෘග්වේදය පදනම් වූ මූලාශ්‍රවල ඇසතු ගස “පිප්ඵලී වෘක්ෂය” ලෙස හඳුන්වාදී ඇත. ඊට හේතුව හීන් හැඩැති ඇටයක් සහිත වීමය. මෙලෙස සෘග්වේදයේ එන ඇසතු ගස හා සම්බන්ධ වෘත්තාන්තය භාරතයේ හමුවන නේරි කැටයමෙන් ද පිළිබිඹු වේ.

ඇසතු වෘක්ෂයෙහි පූජනීයත්වය කියාපාන පැරණිතම සාක්ෂියක් වන හරප්පා ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා දෙකක් හමුවේ. එක් මුද්‍රාවක දෙපසට බෙදී ගිය ගසක මුදුනේ ඇසතු කොළයක් නිරූපණය වේ. අනෙක් මුද්‍රාවේ කඟවේණ පූට්ටුවක් අතරින් දෙපසට විහිදී ගිය ඇසතු බෝ කොළ සහිත ගසක් දැක්වේ.

බල්ගේරියාවේ වුක්ස නම් පුරාවිද්‍යාත්මක ස්ථානයෙහි නටබුන් අතරින් ත්‍රේෂියානු රජ පෙළපතට අයත් රාජ භාණ්ඩ අතර හමුවන රන් ආලේප කළ පාද කංචුකයක් සැරසිලි කැටයම් අතර මිනිස් මුහුණකුත් එහි දෙපසින් මුහුණු දෙසට යොමුකරන ලද ඇසතු අතු දෙකක් නිර්මාණය වී ඇත. මෙයද ඇසතු වෘක්ෂයේ වැදගත්කම පිළිබඳ කියාපාන වැදගත් සාධකයක් වේ.

සිදුහත් කුමරුන්ගේ උත්පත්තියත් සමග පහළ වූ දෑ සතක් පිළිබඳ කරුණු අපට හමුවේ. එනම් යශෝධරා දේවිය, අනඳ කුමරු, ඡන්න ඇමැති, කාළුදායි ඇමැති, කන්ථක අසු, සතර මහා නිධානය සහ ඇසතු බෝ පැළයයි.

සිද්ධාර්ථ කුමරුන්ගේ උත්පත්තියත් සමග ජනිත වී සම්මා සම්බුද්ධත්වය ලබන දින තෙක් වසර තිස් පහක් මහා වෘක්ෂයක් ලෙස වර්ධනය වූ ඇසතු රුක දෙව්, මිනිස්, බඹුන් ගේ පුදපූජාවලට ලක්වූ හෙයින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෙස ප්‍රකට වේ.

එසේ නම් මෙම මහා භද්‍රකල්පයට ඇසතු වෘක්ෂය ප්‍රමුඛ වූවාක් සේ එක් එක් බුදුවරුන්ගේ බුද්ධෝත්පත්ති කාලයන් හි ප්‍රමුඛ වූ ශාකය තම බෝධිය ලෙස තෝරා ගැනීමේ සම්ප්‍රදායක් තිබුණේ යැයි සිතිය හැක.

බුදුවරුන් විසින් තෝරාගත් සියලු වෘක්ෂයන් ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් හිදී ඖෂධයන් සඳහා භාවිතයට ගන්නා ඖෂධීය ශාකයක් වේ. අැසතු ගසද බොහෝ ඖෂධීය ගුණයෙන් යුත් ශාකයකි. ඇසතු ගසේ කොළ දලු, පොතු, ​ෙගඩි හා ඇට ඖෂධ පිණිස යොදා ගනී.

Ficus religiosa යන උද්හිත විද්‍යාත්මක නමින් ඇසතු ගස හඳුන්වයි. ඇසතු ගසට පටබැඳුණු වෙනත් නම් හෙවත් පර්යාය නම් රැසක් විවිධ මූලාශ්‍රයන් අධ්‍යයනයෙන් හමුවේ.
විෂ්ණු දෙවියන්ගේ වාසස්ථානය ඇසතු බෝරුක වන බැවින් කේශවාවාස නමින්ද ලක්ෂ්මි දෙවඟනගේ ද වාසස්ථානය වන බැවින් ශ්‍රීවාස නමින්ද, කිරි සහිත ගසක් බැවින් ක්‍ෂිජ වෘක්ෂ ලෙසද, නෙත් සතුටු වන අයුරින් නිතර සෙලවෙන පත්‍ර ඇති නිසා චලපත්‍ර නමින්ද ඇසතු වෘක්ෂය හැඳින්වේ.

චරක සංහිතාවෙත්, සුශ්‍රැත සංහිතාව වැනි මුල් යුගයේ ලියැවුණු ආයුර්වේද පොත්පත්වල ඇසතු ගස ඖෂධයක් ලෙස යොදා ගැනේ.

රාජ නිඝණ්ඩු, භාව ප්‍රකාශ නිඝණ්ඩු වැනි නිඝණ්ඩු රචනා කළ කාලයන් හිදී ද ඇසතු වෘක්ෂය ඖෂධයක් ලෙස පරිහරණය කර ඇත.
ආයුර්වේද දර්ශනයට අනුව ඇසතු ගසේ සියලු කොටස් ආහාරයට ගත් විට කටට කෂාය රසක් දැනේ. නමුදු ඉදුණු ගෙඩි මධුර රසයෙන් යුක්ත වේ.

අද වන විට ඇසතු ගසට ඇති පූජනීයත්වයත් ගෞරවයත් හේතු කොටගෙන ඖෂධයක් වශයෙන් භාවිත කරන අවස්ථා අප අතරින් දුරස් වී ඇත.

ඖෂධීය වටිනාකම ඉහළ මට්ටමක තිබුණද බෝගස ආර්ථික වටිනාකමින් පහළ මට්ටමක පවතී. මීට හේතුව ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා හෝ දැව ලෙස බෝ ගසේ දැව යොදා නොගන්නා බැවිණි.

ආර්ථික වටිනාකමින් බහුල වූ ගසක් බුදුවීමට පිටදුන් ගස ලෙස තෝරාගත්තේ නම් පසු කාලීනව ගසේ පැවැත්මට තර්ජනයක් සිදුවේ. ගෞතම බුදුන් ප්‍රඥාවෙන් අගතැන්පත් බුදුවරයෙකු බැවින් වෘක්ෂයක් තෝරා ගැනීමේදී ගසේ පැවැත්ම පිළිබඳ සලකා බලා ඇත.

ඇසතු වෘක්ෂයට ආවේණික වූ වර්ධනය වීමේ ශක්තියක් ඇත. ඕනෑම නිසරු බිමක වුවත් වේගයෙන් වැඩීමේ හැකියාවක් ඇත. ඇසතු වනාහි පැළයක් කිහිපවරක් උදුරා දැමුව ද නැවත නැවත දලු දමමින් පැළවීමේ විස්මයජනක හැකියාවක් ඇති ශාකයකි.

නවීන විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව බෝගස රාත්‍රී කාලයේදී පවා ඔක්සිජන් වායුව බැහැර කරන ශාකයක් ලෙසට තහවුරු වී ඇත.

බෝධි පූජා පවත්වමින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙන් තමාට පිහිට අයැද සිටීමට සුපින්වතුන් පෙළගැසෙන්නේ ද මේ ඇසතු රුක වටාය. පිහිටක් අවශ්‍ය සියලුදෙනාගේ මේ සියලු දුක් අසමින් පිහිටක් වන්නේ ඒ සියලු දුක් අඳෝනා තමා වෙතම රඳවා ගනිමිනි.

රුහුණු විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තල්දෙන අරියවිමල හිමියන් දක්වන පරිදි බෞද්ධ දර්ශනය ගොඩනැගී ඇත්තේ ස්වභාවධර්මය සමග බැඳුණු අපූර්ව දහමක් ලෙසය.

ඒ බැවින් සියලු බුදුවරු බුද්ධත්වය නමැති වූ උත්තරීතර පදවිය තමා විසින් තෝරාගත් වෘක්ෂයක් මුල හිඳ ලබාගෙන ලොවට ඒ උත්තරීතර ධර්මය දේශනා කිරීමට මූලික වූහ. ඒ බැවින් ඇසතු ගස බෞද්ධ දර්ශනයක්. ගහ කොළ අතර ඇති ළබැඳියාවන් තව තවත් තහවුරු කරන අපූර්ව සාධකයකි.

තෙරුවන් සරණයි !

Rs 700 per plant 16 plants with flowers
19/11/2023

Rs 700 per plant 16 plants with flowers

20 plants are available with flowers
19/11/2023

20 plants are available with flowers

Rs 700 with flowers 40 plants available
19/11/2023

Rs 700 with flowers 40 plants available

Vanilla 5 plants with flowers 1000 per plant
19/11/2023

Vanilla 5 plants with flowers 1000 per plant

https://youtube.com/-xy4ic
28/06/2023

https://youtube.com/-xy4ic

Sundara Kataragama, සුන්දර කතරගම, அழகான கதிர்காமம், सुंदर कटारगामा

11/04/2023

👌🏻

Address

Gamagedara, Halambagaswala
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Online Anthurium - Online ඇන්තූරියම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Anthurium - Online ඇන්තූරියම්:

Share

Category