Indula Meegoda Associates

Indula Meegoda Associates " A professional architectural designer of visual wonders, ready to bring your ideas to life "

"𝐓𝐇𝐄 𝐓𝐀𝐋𝐊𝐈𝐍𝐆 𝐇𝐔𝐓" ✍️🍃🍂✨"𝑺𝒐𝒎𝒆 𝒔𝒑𝒂𝒄𝒆𝒔 𝒂𝒓𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒆𝒅 𝒏𝒐𝒕 𝒋𝒖𝒔𝒕 𝒕𝒐 𝒔𝒉𝒆𝒍𝒕𝒆𝒓, 𝒃𝒖𝒕 𝒕𝒐 𝒊𝒏𝒔𝒑𝒊𝒓𝒆 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒔𝒂𝒕𝒊𝒐𝒏𝒔, 𝒔𝒎𝒊𝒍𝒆𝒔, 𝒅𝒓𝒆𝒂𝒎𝒔, 𝒐𝒃𝒔𝒆...
31/07/2026

"𝐓𝐇𝐄 𝐓𝐀𝐋𝐊𝐈𝐍𝐆 𝐇𝐔𝐓" ✍️🍃🍂✨

"𝑺𝒐𝒎𝒆 𝒔𝒑𝒂𝒄𝒆𝒔 𝒂𝒓𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒆𝒅 𝒏𝒐𝒕 𝒋𝒖𝒔𝒕 𝒕𝒐 𝒔𝒉𝒆𝒍𝒕𝒆𝒓, 𝒃𝒖𝒕 𝒕𝒐 𝒊𝒏𝒔𝒑𝒊𝒓𝒆 𝒄𝒐𝒏𝒗𝒆𝒓𝒔𝒂𝒕𝒊𝒐𝒏𝒔, 𝒔𝒎𝒊𝒍𝒆𝒔, 𝒅𝒓𝒆𝒂𝒎𝒔, 𝒐𝒃𝒔𝒆𝒓𝒗𝒂𝒕𝒊𝒐𝒏, 𝒂𝒏𝒅 𝒏𝒆𝒘 𝒃𝒆𝒈𝒊𝒏𝒏𝒊𝒏𝒈𝒔."

The Talking Hut was envisioned as a quiet retreat within the landscape - a place where architecture gently frames human connection. It invites you to pause without hesitation, leaving behind the weight of past mistakes and the uncertainty of future plans.

Here, only the present matters.

Surrounded by the rhythm of nature and the gentle breeze, every conversation becomes more meaningful, every silence more peaceful, and every moment an opportunity to reconnect—with others, with nature, and with yourself.

"𝑨 𝒔𝒊𝒎𝒑𝒍𝒆 𝒔𝒕𝒓𝒖𝒄𝒕𝒖𝒓𝒆, 𝒚𝒆𝒕 𝒂 𝒔𝒑𝒂𝒄𝒆 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒆𝒅 𝒇𝒐𝒓 𝒕𝒊𝒎𝒆𝒍𝒆𝒔𝒔 𝒆𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆𝒔."

Design by 𝐈𝐧𝐝𝐮𝐥𝐚 𝐌𝐞𝐞𝐠𝐨𝐝𝐚 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐞𝐬

21/07/2026

" මුළු ලොවම පාලනය කරන බලවත් අධිරාජ්‍යයෙකු⁣ වීමට වඩා, හුදකලා මිටියාවතක ගලායන දොළපහරක් අද්දරට වී සිටීම සැපයක් බව ප්‍රඥාවන්තයා දනී. " 🍃 🍂 ✨
- 𝒁𝒉𝒖𝒂𝒏𝒈𝒛𝒊 -

කුඩා කල සිට පුද්ගලික ගැටලුවක්ව පැවැති "Existential Crisis" (පැවැත්මේ අර්බුදය) පිළිබඳ සෙවීමට විවිධාකාර සෙවීම් කලද, එය තමන්ගේ අධ්‍යාපන මාර්ගය හරහා මුණගැසීම අහඹුවක්ද, නැතිනම් දැනටමත් ලියවී ඇති අනාගතයේ, තමන් මානව වේශයෙන් වර්තමානය තුළ අවබෝධ කලයුතු කොටසදැයි දැයි නොසිතමි.

සම්මතයේ වූ සියලු විභාග ඉහළිනුත්, පහළිනුත් සමත්ව, සරසවි, ගෞරව උපාධි, වැඩි දුර අධ්‍යාපන සියල්ල හමාර කරමින් අනුන්ගේ අනර්ථ දැනුම් ගබඩා කළ මනසකට එකවරම නිදහස දීම තමන්ට වෙනත් මානයකට යෑමට "විශ්වීය දොරක්" විවර වීමක් වැනිය.

සිරගතව කරන රැකියා වෙනුවට අසීමිත නිදහස සහිත සරළ මුදල් උපයන ක්‍රමයත්, ආදරය, ලිංගිකත්වය සමග පැටලී එකට පැමිණ කරනු ලබන ආත්ම දෙකක රමණ, මරණයත් අඩුවයසින්ම විසදාගත් පසු කරදර වලින්ම පරිණත වූ පුද්ගලයකුට තවදුරටත් ජීවිතයට ඉතිරිවනුයේ අසාමාන්‍ය හුදකලා නිදහසක් පමණි. සිතීමට අවකාශය අපරිමිත වී ඇත. සියලු කන්කරච්චලයන් ඔබ අතැර ගොස්ය. තව දුරටත් ඔබගේ රැවුල්, කොණ්ඩා ගැන හෝ ඇදුම් පැළඳුම් ගැන සැලකිලිමත් කිරීමට තරම් විනයභාර චරිත නොමැත.

ඒ ලැබූ නව නිදහස තුළ යමෙකු සෙවිය යුත්තේ සහ අවබෝධ කල යුත්තේ අවකාශය, කාලය, පැවැත්මේ ඇති හිස්බව සහ එයින් ගැලවීමට හරිම මගදෙසූ උත්තමයින් පිළිබඳව යැයි සිතමි. මන්දයත් විද්‍යාවෙන් කිසිදා එය⁣ට පිළිතුරක් නොවන බැවිනි. විද්‍යාව යනු සිදු⁣වන දෙය පැහැදිලි කිරීමට ගතහැකි පෘථග්ජන භාෂාවක් පමණි. "සත්‍ය" කාලයක පාලි/ මාගධී භාෂාවෙන් දේශනාවූයේ යම් සේද විද්‍යාවද තරමකට එම හිදැස පුරවනු ඇත.

"සසර" යන වචනය අස්සේ , ක්ෂණ, චිත්තක්ෂණ යන තත්පරයටත් වඩා කුඩා කෙටි කාල තුළදී "භවය Design" වීම අ⁣පගේ අපත හා අමන හිස් සිතුවිලි මත සෑම විටකම සිදුවෙන්නකි. බුද්ධ විෂයට අදාළ දැනුම අවබෝධයකට යාමට නම් අපටද සීලයක පිහිටා කුසල් රැස්කොට, තැනක වාඩිවී සමාධියකට පත්වීමට තරම් හික්මීමක් ක්‍රමයෙන් ලදුව, අවසන ප්‍රඥාවෙන් අවබෝධ ප්‍රත්‍යක්ෂ කල යුතුයැයි අවසන මොරටු සරසවි "Landscape Architecture" ගෞරවවේදී උපාධි අපේක්ෂිත ගවේෂකයකු Research Paper මත නොලියා හිඳ උපාධිය ලබා නැවත, නැවත කරන ලද ස්වයං කායික හා මානසික සංග්‍රාම වලින් වසර ගණනකට පසු "Online" සෙල්ලිපියේ ලොවට අකුරැ කරමි.

"නිර්වාණ ධාතුව" නම් මානව සංහතියේ විශිෂ්ටතම "Error 01" එම මග වඩන්නාට කල්ප කෙලකට පසු හෝ අවබෝධවන ප්‍රත්‍යක්ෂයකි! එය⁣ට අවශ්‍ය ඉන්ධනය නම් පින් පරයා යන "කුසල්ය."

"යමෙක් අද සිට වීර්ය ගත්තද නිවන පිරීමට කල්ප ගණනද ඇසිල්ලක් වනුයේ, අප සසර පටන්ගත් තැන ඊටත් එහා කෙලවරක් නොවන බැවිනි."

" මතු වසර 2500කට ඉතිරි ගෞතම බුද්ධ සාසනයේ පිරිනිවීමට සියලු කුසල් පුරණලදුව ඉදිරියේ වඩින මහා පින්වත් උත්තමයින්ගේ මාර්ගයට මාගේ මෙම මායිම් ගල් සලකුණුද හේතුවක් වේවා! වාසනාවක්ම වේවා! " ✍ ⚜️ 🙏 🤍 ✨


"ඇකඩමික ෆැන්ටසියෙන් තවත් සා⁣පේක්ෂ යථාර්තයකට පැනගැනීම." ✍️✨"Architecture" යන වචනය තමාටම Define කරගැනීමට අවශ්‍ය අයකුට පළමු...
14/07/2026

"ඇකඩමික ෆැන්ටසියෙන් තවත් සා⁣පේක්ෂ යථාර්තයකට පැනගැනීම." ✍️✨

"Architecture" යන වචනය තමාටම Define කරගැනීමට අවශ්‍ය අයකුට පළමුව හැඟීම් පිළිබඳ අවබෝධය තිබිය යුතුයැයි සිතමි.

තට්ටු 20ක් සිරස්වූ Building එකක මුදුනෙන් කරැමෙකට පය පැටලී වැටෙන අයකුට ඒ වැටෙන මොහොතේ සිට පොළොව ආද⁣රයෙන් සිපගනිමින් සියල්ල Blood Dark වෙන ⁣අන්තරය දක්වා එන හැඟීම ඔබට A4 sheet එකක් තුළ නිරෑපණයට සිදුවේ නම්?(පුද්ගලයා වැටෙන ආකාරය නොව වැටෙන කෙනාට එන හැඟීම්, සිතුවිලි ද්විමාන තලයක සිරකිරීමේ බැරෑරුම්කම/ භාවයන් ප්‍රකාශනය එහිදී සැලකිය යුතුය.)

වැසි දවසක්" කොළයක දක්වන්න. භාවයන්, හැගීම් යන සංකල්ප එහිදී මතුකිරීම වැදගත්ය යන්න මොරටු විශ්ව විද්‍යාලීය ලාංඡනය සමඟ "Aptitude Test Papers" වල වරහන් තුළ තිබීම අදටත් තමා ඇරඹූ ගමන අතීත මතකාවර්ජනයේදී ප්‍රථම මුල්ගල් සටහන්ය.

කුඩා කල සිට ඇරඹූ බලිකුරැටු සිතුවම්, අසීමිතව ලැබූ සිතුවම් ජයග්‍රහණ, අඟල් ගණනින් මනින ලද සහතික පත්‍ර මිටි සියල්ල "අනවශ්‍ය EGO" එකක් පමණක්ම බව දැන මනසින් Artist ගේ Superior Level එක නැතිනම් ලියනාඩෝ ඩාවින්චිගේ ගමන් මග වැනි ආශ්චර්ය ජීවිත තමන් යායුතු මගක සලකුණු විය යුතු බව පළමු වසර තුළම අවබෝධයට පත්වීම ඇතැමෙකුට වාසනාවක් විය හැක.

Architect/ Designer යන පුද්ගලයා මිනිසුන් සහ හැඟීම් අතර සබඳතාවත්, හැඟීම් තුළ මිනිසුන් සිටිය යුතු ආකාරය, පහසු ඉරියව්, අවකාශය අනුව User තුල කෙතරම් දුරට feelings balance කරමින් උත්තේජනයක ඔහු/ ඇය එම මොහොතවල් සංතෘප්ත කල යුතුද, තවද එම අවකාශයෙන් බැහැරට යනවිට සිත තුල පැවතිය යුතු Calmness ස්වරයන් පිළිබඳ ස්වයං අත්දැකීම් ලබමින් කරනු ලබන ගවේෂණයන්, ඔහු/ ඇය ලබන Academic තියරීන් සියල්ල අභිබවනු නියතය. විටෙක එම හැඟීම් මුදලට ගතනොහැකි තරම් සැහැල්ලු වූ පිරිසිදු වූ ශ්වේත වර්ණ ⁣හෝ අවර්ණ නැහැවුණ හැඟීමකි.

02/07/2026

“The Spiritual Practice - Designing ✍🏻🤍✨"

"𝐀𝐈 බුද්ධි සොරාට 𝐁𝐫𝐚𝐢𝐧 𝐇𝐚𝐜𝐤 වීමට ප්‍රථම..."  ✍ 💫 නිර්මාණවේදියා හට හිස් ඉඩකඩක් තුලට අලුතින් Vibe එකක් Feel කරවීමට නම් දකි...
23/06/2026

"𝐀𝐈 බුද්ධි සොරාට 𝐁𝐫𝐚𝐢𝐧 𝐇𝐚𝐜𝐤 වීමට ප්‍රථම..." ✍ 💫

නිර්මාණවේදියා හට හිස් ඉඩකඩක් තුලට අලුතින් Vibe එකක් Feel කරවීමට නම් දකින දේට එහා ගියා භාවමය හැඟීම් නිතරම තේරැම් ගැනීමට හැකිවිය යුතුයැයි සිතමි.

එම නව Vibe එක Design කිරීමට ප්‍රථම දැනට පවතින "Existing Situation of The Site" යන්න Read වීම හෝ කියවීම පළපුරුදු නිර්මාණවේදියාට සාමාන්‍යය.

ඉන්පසු නිර්මාණ ගැලපීම් කෙලක් එකදිගට නොහික්මුණු දෘඩ හෝ සියුම් ඉරි පහරවල් දහස් ගණනක් ලෙස "Hand Sketching" ක්‍රමය මගින් මතුකරමින් එම Spaces තාත්වික ලෙස පිරවීම නම්,

AI යනු තවමත් දියුණු මානව ඉතිහාසයක් යටතේ පවතින තවත් දුප්පත් අංගයක් බව නිර්මාණවේදයට අත්පොත් තබන කිසිවක් හරියට නොදැන මුලදීම AI සමඟ රමණයෙන් පසු තමන්ද පොරක් යැයි වරදවා මානසික අසහනයට පත් සිඟිති මානව පොව්වනට ඉගැනීමට බොහෝ දෑ ඇති බව කියාපාන විශිෂ්ටතම ක්‍රමයයි!

(දුවේ, පුතේ නිර්මාණයට ප්‍රථම සරසවිය තුළ තමාට පෙර සිටි පොත පතින්, මානවයින් මඟින්, රස්තියාදුකාරයින් මඟින් හෝ මේ වන විට අප අතර භෞතිකව නොමැති විශිෂ්ට නිර්මාණවේදීන්ගෙන් /වාස්තුවේදීන්ගෙන් ගුරැහරැකම් ලත් වෘත්තීයෙන්ද අපට පරිණත මානවයින්ගෙන් විනා AI වැනි Google සිසාරා සියලු මානව නිර්මාණවල කැටිය සොරකම් කල කුඩා තාක්ෂණයකට තමන්ගේ පෙර පිනකට ලැබුණ ව⁣ටිනා මනුෂ්‍ය බුද්ධිය පාවා නොදෙන්න. ජය!)

- INDULA GAVEEN MEEGODA - ✍️✨

“Where Arts, Light, Shadow, and Leaves Converse” 🍃✨
18/06/2026

“Where Arts, Light, Shadow, and Leaves Converse” 🍃✨

“Where Arts, Light, Shadow, and Leaves Converse” 🍃✨
27/05/2026

“Where Arts, Light, Shadow, and Leaves Converse” 🍃✨

"𝐍𝐚𝐠𝐚𝐬 𝐄𝐥𝐥𝐚 𝐑𝐞𝐬𝐨𝐫𝐭 (Entry Wall Concept)" ✍️🍃✨"𝑇ℎ𝑒 𝑗𝑜𝑢𝑟𝑛𝑒𝑦 𝑓𝑟𝑜𝑚 𝑐𝑜𝑛𝑐𝑒𝑝𝑡 𝑡𝑜 𝑐𝑟𝑒𝑎𝑡𝑖𝑜𝑛 𝑏𝑒𝑔𝑖𝑛𝑠, 𝑎𝑠 𝑛𝑎𝑡𝑢𝑟𝑒 𝑎𝑛𝑑 𝑑𝑒𝑠𝑖𝑔𝑛 𝑐𝑜𝑚𝑒 𝑎𝑙𝑖...
22/05/2026

"𝐍𝐚𝐠𝐚𝐬 𝐄𝐥𝐥𝐚 𝐑𝐞𝐬𝐨𝐫𝐭 (Entry Wall Concept)" ✍️🍃✨

"𝑇ℎ𝑒 𝑗𝑜𝑢𝑟𝑛𝑒𝑦 𝑓𝑟𝑜𝑚 𝑐𝑜𝑛𝑐𝑒𝑝𝑡 𝑡𝑜 𝑐𝑟𝑒𝑎𝑡𝑖𝑜𝑛 𝑏𝑒𝑔𝑖𝑛𝑠, 𝑎𝑠 𝑛𝑎𝑡𝑢𝑟𝑒 𝑎𝑛𝑑 𝑑𝑒𝑠𝑖𝑔𝑛 𝑐𝑜𝑚𝑒 𝑎𝑙𝑖𝑣𝑒 𝑡𝑜𝑔𝑒𝑡ℎ𝑒𝑟.”

------------------------------------------------------------------------

For inquiries or to begin your journey towards biophilic luxury, contact us today.

INDULA MEEGODA ASSOCIATES
070 213 2787

Address

Indula Gaveen Meegoda,
Walasmulla

Alerts

Be the first to know and let us send you an email when Indula Meegoda Associates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share