සුභානි පැළ තවාන

සුභානි පැළ තවාන හරිත ලොවක් උදෙසා.

සුභානි පැළ තවාන කැස්බෑව පාර,බණ්ඩාරගම 0704888614
15/06/2023

සුභානි පැළ තවාන කැස්බෑව පාර,බණ්ඩාරගම 0704888614

02/04/2023
"අමා දොර විවර විය " තුන් යම් රාත්‍රියක් පුරා කැළණිය රජමහා විහාරස්ථානයේ දී පැවති සුවිශාල පිංකම් මාලාව  -  කැන්ගරා හෝල්ඩින...
12/02/2023

"අමා දොර විවර විය " තුන් යම් රාත්‍රියක් පුරා කැළණිය රජමහා විහාරස්ථානයේ දී පැවති සුවිශාල පිංකම් මාලාව - කැන්ගරා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ සාඩම්බර අනුග්‍රහයෙන් පසුගිය මස දී අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණි.
ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන අවසානයේ දී ධර්මශ්‍රවනය සදහා පැමිණ සිටි සෑම සැදැහැවතුන් හට ම දේශීය මිරිස් පැල බෙදා දීම ද අති සාර්ථකව සිදුවිය.
මේ වැඩසටහන සදහා පැළ සැපයීම පිළිබඳව අප ආයතනය ද නිහතමානීව සතුටු වන අතරම, තව තවත් මෙවැනි වූ සමාජ සත්කාරී වැඩසටහන් පැවත්වීමට කැන්ගරා හෝල්ඩින්ග්ස් පුද්.සමාගමට සුභ පතන්නෙමු.

ඡායාරූප හා වීඩියෝ පටය කැන්ගරා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ නිල youtube නාලිකවෙනි.
ස්තූතියි
සුභානි පැළ තවාන

ලස්සනට වවමුද  #චෙරි_තක්කාලි පැළයක්.➡️බණ්ඩාරගම➡️ පිළියන්දල ➡️කැස්බෑව ➡️හොරණ ➡️පානදුර අවට නම් ඉන්නේ , එන්න කැමති මිලක් දීල...
09/02/2023

ලස්සනට වවමුද #චෙරි_තක්කාලි පැළයක්.
➡️බණ්ඩාරගම
➡️ පිළියන්දල
➡️කැස්බෑව
➡️හොරණ
➡️පානදුර
අවට නම් ඉන්නේ , එන්න කැමති මිලක් දීල අරන් යන්න..
ගෙවත්ත ලස්සනට, වෙන්සකට තියගන්න ඔබ වෙනුවෙන් ආකර්ෂණීය තක්කාලි පැළයක්.........
සුභානි පැළ තවාන
කැස්බෑව පාර
බණ්ඩාරගම 0704888614

SHIVAYEE 393 දෙමුහුන් වර්ගයේ පිපිඤ්ඤා පැළ  ඇණවුම් මෙම දින වලදී ලබාගනු ලබන අතර පැළයක ම්ල රු.16කි.ඔබගේ ඇණවුම පහත අංකයෙන් ඇ...
05/02/2023

SHIVAYEE 393 දෙමුහුන් වර්ගයේ පිපිඤ්ඤා පැළ ඇණවුම් මෙම දින වලදී ලබාගනු ලබන අතර පැළයක ම්ල රු.16කි.ඔබගේ ඇණවුම පහත අංකයෙන් ඇමතුම් හෝ whatsapp ඔස්සේ ලබා දීමේ පහසුකම් ඇත.

ස්තූතියි.

070 4888614
සුභානි පැළ තවාන
කැස්බෑව පාර
බණ්ඩාරගම

මේ ගෙවෙන්නේ පිළිකා දිනය.. සටහන ලියන මමත් අතුළුව ලෝකයේ ම වස විස වැඩිම ප්‍රමාණයක් කුසට දා ගන්න රටේ සිටින අපට 100% පෝෂණය පම...
04/02/2023

මේ ගෙවෙන්නේ පිළිකා දිනය.. සටහන ලියන මමත් අතුළුව ලෝකයේ ම වස විස වැඩිම ප්‍රමාණයක් කුසට දා ගන්න රටේ සිටින අපට 100% පෝෂණය පමණකම අඩංගු ආහාර දාමයකට යන්න කවදානම් ඉඩක් ලැබේවිද?

සෙම්ප්‍රතිශ්‍යාව වගේ,ඊටත් එහා ගිය - බෝ වෙනව වගේ අහන අහන හැම කෙනාටම 100% ක අවධානමක් තියෙන , නමුත් බෝ නොවන රෝග ගණයේ තියෙන පුදුම ලෙඩක් මේක.

අපි අපේ කෑම වෙල වෙනස් කරන්න,
කන චුට්ට උනත් වස විසෙන් තොරව කන්න,
පිරිසිදු වතුර වීදුරුවක් බොන්න තාමත් අපිට අවස්ථාව තියෙනව කියලයි මට හිතෙන්නේ..
තමන්ගේ ගෙදර වවමු, අවශ්‍ය දේ අවශ්‍ය පමණට වවමු, ස්තූතියි සැමට..

08/01/2023
දළඹුවන්🐛  ➡️ සමනලයන් 🦋 වෙද්දී උදේ හවස ගහ ලොකු වෙනකම් බලන් ඉන්න අපි හිත් අමාරුකම් හදන් හරි යනවද?..ටැංකියට වතුර ටිකක් දාල,...
08/01/2023

දළඹුවන්🐛 ➡️ සමනලයන් 🦋 වෙද්දී උදේ හවස ගහ ලොකු වෙනකම් බලන් ඉන්න අපි හිත් අමාරුකම් හදන් හරි යනවද?..

ටැංකියට වතුර ටිකක් දාල, කොළ වලට- මීදුමට වතුර ස්ප්‍රේ කරලා
හලා ගත්තූ දර අළු ඉහින්න.

අඩු වයසින්ම 🐛➡️🦋 වෙලා යනව.. ලොකුවට හිතන්න එපා.. සත්තු ටික අයින් කරල අළු ඉහින්න පුළුවන් නම් ගොඩක් වටිනව.......

සුභ දවසක්.. මේ ඡායාරූපය මම ගත්තේ නුගේගොඩ මහජන පොළෙන්.අනික දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිළ දර්ශනය.අපි කවුරුත් අදුරේ අතපත ග...
05/01/2023

සුභ දවසක්.. මේ ඡායාරූපය මම ගත්තේ නුගේගොඩ මහජන පොළෙන්.අනික දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිළ දර්ශනය.

අපි කවුරුත් අදුරේ අතපත ගානව වගේ නේද.
අපිම මොනවා හෝ පිළියමක් සොයාගන්න අවශ්‍ය කාලයක් මේ.දත්ත නොමැතිව වගා කරමින්, මුදලාලි කැමති ගානට විකුනුවාම මෙහෙම වෙනව කියලයි මගේ නම් විශ්වාසය.

උදාවූ 2023 නව වසර ඔබ සැමට සුභම සුභ නව වසරක් ම වේවායිසුභානි පැළ තවාන  Subhani Ceylon Holding Pvt Ltd වෙතින් ප්‍රාර්ථනය......
31/12/2022

උදාවූ 2023 නව වසර ඔබ සැමට සුභම සුභ නව වසරක් ම වේවායි
සුභානි පැළ තවාන Subhani Ceylon Holding Pvt Ltd වෙතින් ප්‍රාර්ථනය..............

සුභ දවසක් ඔබටමේ වනවිට රට තුල ආහාර අධි උද්ධමනයට පත්වෙමින් තිබේන බව ඔබටත් දැනිල තියෙනවදවෙනද ගේනා එළවළු මල්ල ගන්න, අද කොයිත...
14/12/2022

සුභ දවසක් ඔබට

මේ වනවිට රට තුල ආහාර අධි උද්ධමනයට පත්වෙමින් තිබේන බව ඔබටත් දැනිල තියෙනවද

වෙනද ගේනා එළවළු මල්ල ගන්න, අද කොයිතරම් මුදලක් වැය කරන්න වෙලා තියෙනවද ?.

අප කොරෝන සමයේ වගාව ගැන කතා කරපු විදියට වැව්වා නම් අද ආහාර අතිරික්තයක් තියෙන්න ඕන නේද..

නමුත් එදා ආර්ථික රටාවට වඩා ➡️ අද දිනය වන විට සියල්ලම කනපිට හැරිලා.
දැන් දැන් මිල උඩ යන විදිය ගැන හිතාගන්නත් බෑ.

අපිට ඕන ටික අපිම හදාගමු.
ඉන්න තැනින් ආයෙත් පටන් ගමු.
ගෙදර තියෙන පුංචි ඉඩකඩ ප්‍රයෝජනයට ගමු.
ආයෙත් වවමු..

මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවනම් කතා කරන්න..අපිට...

සුභ දවසක් හැමෝමට.. ඔබ වවන බෝගය කුමක් වුවත් ඔබේ කළමනාකාරිත්වයමයි වගාව සාර්ථක වීමට හේතුවක් වෙන්නේ.වගාව කියන්නේ පොහොර ලැයිස...
21/11/2022

සුභ දවසක් හැමෝමට..

ඔබ වවන බෝගය කුමක් වුවත් ඔබේ කළමනාකාරිත්වයමයි වගාව සාර්ථක වීමට හේතුවක් වෙන්නේ.වගාව කියන්නේ පොහොර ලැයිස්තු විතරක් නෙවෙයි..
ඔබේ බෝගයේ මාස 6 ක පෙර හා පසු දත්ත වාර්තාවක් හදාගන්න.වියදම් ලැයිස්තුව හදාගන්න.
පොහොර හා කෘමිනාශක,දිලීර නාශක වගේ දේවල් විතරයි නෙවෙයි ඔබේ කැප කරන කාලයටත් මිලක් දෙන්න.

අනික තමයි අස්වැන්න කඩලා - කඩ හොයන් යන්න එපා.

ඔබ අස්වැන්න 100kg කැඩුවා නම් ඔක්කොම එක උරේ දාගෙන ගිහින් කඩේ මුදලාලිගේන් අහන්න එපා අද මිල කීයද කියල, මුදලාලි කල්පනාකරනව ගොඩක් තියෙනව නේ.කුණු කොල්ලයට ගන්න.
එක නිසා 20kg වගේ උර කිහිපයකට දාන්‍ යන්න. පොඩියට පෙනුනාම මුදලාලි ඇත්ත මිලට ගන්නව.දන්න අය මේ ගැන දන්නව.

ලංකාවේ තියෙනව කියන අගය එකතු කරන,විජලනය, රට යවනව, මේ වචන පස්සේ වැඩි බලාපොරොත්තු තියන් වවන්න එපා.

මේ ලංකාව නේ.තමන්ගෙ අස්වැන්න 20kg කැඩුවා නම් 5 - 5 kg වගේ හදාගෙන කඩවල් 4කට දාන්න.මොකද එතකොට ඔබට ස්ථාන 4ක් තියෙනව..

මේ ඔක්කොම උදාහරණ...

ඔබ වගාව කරද්දී ගොවියෙක් උනාට කමක් නෑ.විකුණද්දී ව්‍යාපාරිකයෙක් වෙන්න.මොකද නැත්නම් පාරම්පරික ගොවියට උන කලදසාවම ඔබටත් යනව...

මොනව උනත් වගාව අත් හරින්න එපා.ඔබට ජය...
සුභානි පැළ තවාන
කැස්බෑව පාර
බණ්ඩාරගම
0704888614

Address

Welmilla

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94704888614

Website

Alerts

Be the first to know and let us send you an email when සුභානි පැළ තවාන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සුභානි පැළ තවාන:

Share