Jayamudali A grow

Jayamudali A grow Your partner in plantation, Gardening, and Crop care

11/10/2023
🪂🪂පැරෂුට් එකෙන් කුඹුරට බහිමු...!!✅වී වගාවෙදි අදකාලෙ හැමෝම භාවිතා කරන ක්‍රමවේදය තමා පැරෂුට් ක්‍රමවේදය කියන්නෙ.✅මේකෙදි පැර...
04/10/2023

🪂🪂පැරෂුට් එකෙන් කුඹුරට බහිමු...!!

✅වී වගාවෙදි අදකාලෙ හැමෝම භාවිතා කරන ක්‍රමවේදය තමා පැරෂුට් ක්‍රමවේදය කියන්නෙ.

✅මේකෙදි පැරෂුට් තැටි (වී තවාන් තැටි) වල වී තවාන් දාලා දින 10 -14 අතර වයස තියෙන නීරෝගිමත් වගේම ශක්තිමත් පැළයක් කුඹුරට ලබාදීම සිදුවෙනවා.

✅මේ ගොයමේ වල් පැල වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. මොකද පැරෂුට් ක්‍රමයට හැදෙන ගොයම් පැල එක්ක වල් පැලවලට තරඟ කරන්න බැරි නිසා.

✅මේ ක්‍රමයේදී අක්කරයකට වැයවන බිත්තර වී ප්‍රමාණය 75%කින් පමණ අඩු කරගන්න පුළුවන්. (නිකන්ම වපුරද්දී බිත්තර වී කිලෝ 40ක් පමණ වැයවුනාට පැරෂුට් ක්‍රමයේදී අක්කරයකට වැයවන්නේ බිත්තර වී කිලෝ 8-10 අතර ප්‍රමාණයක්.

✅ඒ වගේම අක්කරයක්ම පැළ හිටවන්න දෙන්නෙක්ට පුළුවන්. ඉතිං කම්කරු ශ්‍රමය ඉතාම අවමයි.

✅ඔක්කෝටම වඩා මේ ක්‍රමයේදී ඔබේ අස්වැන්න 10% - 20% අතර ප්‍රමාණයකින් වැඩි කරගන්නත් පුළුවන්.

✅පැරෂුට් ක්‍රමයට වී වගා කරන්න අවශ්‍ය කරන හොඳම ගුණාත්මකතාවයේ පැරෂුට් තැටි ඔබට අපෙන් ඉතා පහසු මිලට මිලදීගන්න සහ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.

✅ඔබ කරන්න ඕන ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය අපට කෙටි පණිවිඩයකින් යොමු කරන්න විතරයි.

✅පැරෂුට් තැටි Cash on delivery පහසුකම සමඟම ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.

👉Black - 112/=
👉White - 95/=
👉(තොග ඇණවුම් සඳහා විශේෂ මිල අඩුකිරීම් සහිතයි)

ඔයාලාට පැරෂුට් ක්‍රමවේදය ගැන හැම විස්තරයක්ම මේ පහළ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
👇👇👇👇
https://youtu.be/YY3QUOaCL7s

✅ වගාමළු, UV පොලිතින්, සෙවණ දැල්, කෘමි විකර්ශක දැල්, Drip tape, Mulch film, බීජ තවාන් තැටි ඇතුළු අපගේ අනෙකුත් නිශ්පාදන ඇණවුම් කිරීමට සහ තොරතුරු දැනගැනීමට පහත link එක click කර whatsapp හරහා අප හා සම්බන්ධවන්න.
👇👇👇👇👇👇
https://wa.me/c/94717758812

✅whatsapp - 0717758812 / 0773313828

Call Us - 0773313828 / 0717758812

Greenie Lanka - ඔබේ විශ්වාසී ඔන්ලයින් කෘෂි සහකරු.

වල්පැලෙන් තොර ඉහළ අස්වැන්නක් සඳහා පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම තාක්ෂණයේ සීඝ්‍ර පරිනාමයත් සමඟ කෘෂිකර්මාන්තය තුල...

බිත්තර වී1 Kg ක් රුපියල් 225 සිටCIC ඇතුළු ප්‍රසිද්ධ සමාගම් වලින් නිෂ්පාදිත සහතික කරන ලද අනර්ඝ බිත්තර වී මාස 3, 31/2 ,33/...
03/10/2023

බිත්තර වී

1 Kg ක් රුපියල් 225 සිට

CIC ඇතුළු ප්‍රසිද්ධ සමාගම් වලින් නිෂ්පාදිත සහතික කරන ලද අනර්ඝ බිත්තර වී

මාස 3, 31/2 ,33/4, 4, 41/2
බිත්තර වී
සිල්ලර හා තොග මිලට

බීජ සහ කෘෂිරසායන විකිණීම සදහා කෘෂිකර්මය දෙපාර්තමේන්තුවේ බලයලත් වේවැල්දෙනියේ පිහිටි එකම අලෙවි සැල වෙතින්

Jayamudaly A grow
101
Kandy road
0753630009
නිශාන්ත මෝටර්ස් ගරාජය අසල

17/02/2023
20/11/2022
20/11/2022

ලෝකයේ යම්කිසි භූගෝලීය ප්‍රදේශයකට පමණක් අනන්‍ය වූ යම් නිෂ්පාදනයකට බුද්ධිමය දේපළක් හෝ පේටන්ට් බලපත්‍රයක් වැනි සහතිකයක් යුරෝපා සංගමයෙන් ලබාදෙනවා ඒකට කියන්නෙ "භූගෝලීය දර්ශකය" පිළිබඳ සහතිකය කියල.

මේ භූගෝලීය දර්ශකය / Geographical Indication සහතිකය, මේ අවුරුද්දෙ පෙබරවාරි 02 වන දා අපට උරුම අපේ ඉස්තරම් කුරුඳුවලට ලබාගන්න අපිට හැකියාව ලැබුණා. අපේ මේ "සත්‍ය කුරුඳු" තමයි ශ්‍රී ලංකාවේ මේ සහතිකය ලබාගත් පළමු සහ එක ම නිෂ්පාදනය. ඒ විතරක් නෙවෙයි මේ සහතිකය සමස්ථ ශ්‍රී ලංකා භූමියට ම ලබාගන්න අපිට හැකිවෙලා තියෙනවා. (සාමාන්‍යයෙන් ලබාදෙන්නෙ නිෂ්චිත භූගෝලීය සීමාවකට පමණ යි).

මේක ලබාගන්න හැකිවුනේ අපනයන සංවර්ධන මණ්ඩලයත්, කුරුඳු ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයත්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අවුරුදු 12 ක විතර දැරූ උත්සාහයේ ප්‍රථිඵලයක් විදියට.

මේ නිසා අපේ කුරුඳුවලට ලෝක වෙළෙඳපොළ තුළ නව සුවිශේෂී හඳුනාගැනීමක් ලැබෙනවා වගේම එයට හිමි ඓතිහාසික අනන්‍යතාවය සදාකාලිකව සහ නීත්‍යානුකූලව ආරක්ෂා වීමත් වෙළෙඳ ආධිපත්‍යය සුරක්ෂිත වීමත් සිදුවෙලා තිබෙනවා. ඒ කියන්නෙ Cinnamon zeylanicum කියන අපේ කුරුඳු ලෝකයේ වෙනත් ප්‍රදේශවල නිෂ්පාදනය කල නොහැකි යි.

ඉතින් මේ භූගෝලීය දර්ශකය ලැබුණට පස්සෙ අපේ කුරුඳු වවන ගොවියට ලැබෙන වාසිය මොකක්ද? ඒ වාසි ගන්න ඔවුන් කරන්න ඕන මොනව ද? ලෝකය දිනන්න පුළුවන් අපේ කුරුඳු කර්මාන්තය තවත් දියුණු කරන්න මේ හරහා කල හැකි දේවල් මොනවද?

මේ ගැන කතාකරන්න, ඔබේ අදහස් පළකරන්න එකතුවෙන්න මේ බ්‍රහස්පතින්දා උදේ 9.30 ට අපිත් එක්ක. පහත Zoom සබැඳියෙන් සම්බන්ධවෙන්න...

https://us02web.zoom.us/j/89962132282?pwd=YXBWbnFXUXRpZG5KWXNWUmVNWVMxZz09
Meeting ID: 899 6213 2282
Passcode: 491052

🔵 Facebook Live
🔴 YouTube Live
බලාපොරොත්තුවන්න.....

Address

101, Kandy Road, Weweldeniya
Weweldeniya Ihalagama
11894

Alerts

Be the first to know and let us send you an email when Jayamudali A grow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jayamudali A grow:

Share