10/06/2026
නාසි ගුරන් රෙසිපිය👇👇 ( නාසිගොරෙන්)
Restaurant Style Nasi Goreng Recipe 💛
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හාල් 300g
පොඩියට කපා ගත් කටු රහිත චිකන් 250g
බිත්තර දෙකක්
චිලිපේස්ට් මේස හැදි තුනක්
සෝයා සෝස් මේස හැදි හතරක්
සීනි තේ හැඳි එක හමාරක්
පොත්ත සහිත සුදුලූණු බික් පහක්
සාමාන්‍ය ප්‍රමාණයේ ඉඟුරු කැබැල්ලක්
කොටු හැඩයට කපා ගත් කැරට් ගෙඩියක්
කොටු හැඩයට කපා ගත් මාළු මිරිස් කරල් දෙකක් සිහින්ව කපා ගත් ගෝවා ස්වල්පයක්
සිහින්ව කපා ගස් ලීක්ස් කොළ ස්වල්පයක්
කපා ගත් බීලුණු ගෙඩියක්
කපා ගත් ඉඳුණු අමු මිරිස් කරල් තුනක්
තෙල් මේස හැදී හතක්
රස අනුව ලුණු
සාදන ක්‍රමය
✅ මුලින්ම ඉඟුරු සහ සුදු ලූණු ටික වංගෙඩියක දාලා පේස්ට් එකක් වගේ වෙනකම් හොඳින් කොටා ගන්න
✅ දැන් කපාගත් චිකන් ටික බෝල් එකකට දාලා රස අනුව ලුණු, සෝයාසෝස් මේසහැදි එකක් වගේම ඉඟුරුසුදුලූණු කොටා ගත්ත මිශ්‍රණයෙන් තේ හැන්දක් පමණ අතට අරන් මිරික ගත් යුෂ ටිකකුත් එකතු කරගන්න
✅ මේ ටික ඔක්කොම චිකන් ටිකත් එක්ක හොඳින් කලවම් කරලා මැරිනේට් වෙන්න විනාඩි පහළොවක් විතර දීලා තියන්න
✅ ඒ අතර බත් එක හදා ගමු
✅ බත් එක සාදාගන්න ඉක්මනින් බේරි වෙන්නෙ නැති බාස්මති හාල් වර්ගයක් තෝරා ගන්න
✅ හාල් ටික හොඳින් සෝදා පිරිසිදු කරගෙන සාස්පානකට දාලා ඒකටම ලුණු ස්වල්පයකුත් දාලා, ටිකක් වැඩිපුර වතුර එකතු කරලා පියනින් වහලා ලිපේ තියාගන්න
✅ විනාඩි පහකින් විතර හාල් ඇටයක් පොඩි කරලා බලන්න ගොඩාක් හයියට නැතුව හාල් ඇටේ කැඩෙනව නම් මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්න
මේ වෙලාවේදී බත් එක බෙරි වෙන්නම උයාගන්න එපා
✅ දැන් මේකේ වැඩි වතුර ටික පෙරලා ඉවත් කර ගෙන බාගෙට උයා ගත්ත හාල් ටික නැවත සාස්පානට දාගන්න
✅ දැන් මේ බත් එකට පොල්තෙල් මේස හැන්දක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න
✅ දැන් ගින්දර අඩුම මට්ටමේ තියලා බත් එකේ තෙතමනය යනකම් පියනින් වහලා ලිපේ තියාගන්න
✅ දැන් විනාඩි දහයක් විතර ගියහම බත් එක අවශ්‍ය ගානට තැම්බිලා තියෙයි
✅ ඒ වෙලාවේදී මත ටිකක් කූරු ගාලා ලිප ඕෆ් කරගන්න
✅ බත් එක බෙරි වෙන්නෙත් නැතුව අමු ඇට ගතියකුත් නැතුව හොඳින් හදා ගත්හම නාසිගුරන් එක රසට හදාගන්න පුළුවන්
✅ දැන් සෝස් එකක් සාදාගමු
✅ බෝල් එකකට සෝයා සෝස් මේස හැදි තුනක්, සීනි මේස හැඳි එකහමාරක්, චිලිපේස්ට් තේ හැඳි එක හමාරක්, (වැඩිපුර සැරට අවශ්‍ය නම් ටිකක් වැඩිපුර එකතු කරගන්න) ඒ වගේම තලා ගත් ඉඟුරු සුදුලූණු වලින් තේ හැන්දක් පමණ අතට අරන් මිරික ගත් යුෂ ටිකක්, tomato sauce මේස හැඳි දෙකක් දාලා හොඳින් මිශ්‍ර කර ගන්න.
සීනි ටික හොඳින් දිය වෙනකම් මිශ්‍ර කරගන්න
✅ දැන් පෑන් එකකට තෙල් මේස හැඳි දෙකක් දාලා මැරිනේට් කරගත් චිකන් ටික එකතු කරලා චිකන් ටික එහා මෙහා කරමින් හොඳින් බැදගන්න
✅ දැන් ඒක පැත්තකින් තියාගන්න
✅ දැන් ටිකක් ලොකු පෑන් එකට තෙල් මේස හැදි හතරක් පමණ එකතු කරල තලා ගත් ඉඟුරු සුදුලූණු ටික දාලා අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගන්න
✅ ඒ අතර මේකටම කපා ගත් කැරට් ටික එකතු කරලා විනාඩියක් දෙකක් කැරට් ටිකත් තෙම්පරාදු කරගන්න
✅ කැරට් ටික තෙම්පරාදු වීගෙන ආවට පස්සේ මාළු මිරිස් ටික සහ ගෝවා ටික එකතු කරලා ඒ ටිකත් විනාඩි දෙක තුනක් තෙම්පරාදු කරගන්න
✅ දැන් ගසාගත් බිත්තර දෙකත් මේකට එකතු කරගෙන එළවළු ටිකත් එක්ක මිශ්‍ර කරගන්න
✅ මේ අතර රස අනුව ලුණු, චිලිපේස්ට් 2tbsp, කලින් සාදා ගත් සෝස් එක, කපා ගත් මිරිස් කරල් ටික , එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න
✅ දැන් මේකට බැදගත්ත චිකන් ටිකයි බත් ටිකයි එකතු කරගෙන හොඳින් කලවම් කරමින් ගින්දර වැඩි කරලා විනාඩි පහක් පමණ තෙම්පරාදු කරගන්න
✅ අන්තිමට ලීක්ස් කොළ ටිකත් එකතු කරගෙන ලිප ඕෆ් කරගන්න
✅ රස බලලා අඩුපාඩු තියනවනම් නැවත එකතු කරගන්න
✅ දැන් වෙන පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා bullseye ක්‍රමයට බිත්තරයක් සාදාගන්න
එයටත් ලුණුගම්මිරිස් ටිකක් දාගන්න
✅ නාසිගුරාන් එක පිළිගන්වන කොට සාදාගත් බිත්තරය මැදින් තියලා මේසයට යවන්න.
Thank you
මුල් අයිතිය
Star Kitchen Lk 💛
(අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න.)
✅✅Restaurant Style Nasi Goreng Recipe 💛
Ingredients
Basmati rice: 300g
Boneless chicken (cut into small pieces): 250g
Eggs: 2
Chilli paste: 3 tbsp
Soya sauce: 4 tbsp
Sugar: 1 ½ tsp
Garlic cloves (with skin): 5
Ginger: A medium-sized piece
Carrot (cut into cubes): 1
Capsicum (cut into cubes): 2 pods
Cabbage: A small amount, finely chopped
Leeks leaves: A small amount, finely chopped
B-onion: 1, chopped
Ripe green chillies: 3, chopped
Oil: 7 tbsp
Salt: To taste
Method
✅ First, put the ginger and garlic into a mortar and pestle and pound well until it becomes a paste.
✅ Now, put the chopped chicken into a bowl and add salt to taste, 1 tablespoon of soya sauce, and squeeze the juice out of about 1 teaspoon of the pounded ginger-garlic mixture into it.
✅ Mix all of this well with the chicken and leave it to marinate for about 15 minutes.
✅ In the meantime, let's prepare the rice.
✅ To prepare the rice, choose a type of Basmati rice that does not get mushy quickly.
✅ Wash and clean the rice well, put it into a saucepan, add a little salt, add a bit more water than usual, cover with a lid, and place it on the stove.
✅ After about 5 minutes, check by mashing a grain of rice; if the grain breaks without being too hard, turn off the stove at this point. Do not cook the rice until it becomes mushy at this stage.
✅ Now, drain and remove the excess water, and put the half-cooked rice back into the saucepan.
✅ Next, add 1 tablespoon of coconut oil to this rice and mix it well.
✅ Now, lower the heat to the minimum, cover with the lid, and leave it on the stove until the moisture in the rice dries up.
✅ After about 10 minutes, the rice will be cooked to the required texture.
✅ At that point, stir it gently with a ladle and turn off the stove.
✅ When the rice is prepared well without being mushy and without any raw grain texture, you can make the Nasi Goreng taste delicious.
✅ Now, let's make a sauce.
✅ In a bowl, mix well 3 tablespoons of soya sauce, 1 ½ tablespoons of sugar, 1 ½ teaspoons of chilli paste (add a little more if you want it spicier), the squeezed juice of about 1 teaspoon of the crushed ginger and garlic, and 2 tablespoons of tomato sauce. Mix well until the sugar dissolves completely.
✅ Now, add 2 tablespoons of oil to a pan, add the marinated chicken, and fry well while turning the chicken back and forth.
✅ Then, set it aside.
✅ Now, add about 4 tablespoons of oil to a slightly large pan, add the crushed ginger and garlic, and fry over low heat until golden brown.
✅ Meanwhile, add the chopped carrots to this and temper the carrots for a minute or two.
✅ After the carrots are tempered, add the capsicum and cabbage, and temper those as well for 2 to 3 minutes.
✅ Now, add the two beaten eggs to this and mix them with the vegetables.
✅ In the meantime, add salt to taste, 2 tbsp of chilli paste, the previously prepared sauce, and the chopped chillies, and mix everything well.
✅ Now, add the fried chicken and the rice to this, increase the heat, and temper for about 5 minutes while mixing well.
✅ Finally, add the leeks leaves and turn off the stove.
✅ Taste it and add anything that is lacking.
✅ Now, add a little oil to another pan and prepare an egg in the "bullseye" (sunny-side up) style. Add a little salt and pepper to it as well.
✅ When serving the Nasi Goreng, place the prepared egg on top in the center and serve it to the table.
Thank you
Original ownership:
Star Kitchen Lk 💛
(Please refrain from copying without permission.)